බස් ගාස්තු අඩු කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (23) පැවසීය.
මේ වන විට පහළ ගොස් ඇති ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු අඩුකිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් හා සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය.
ලෝක වෙළෙදපොලෙහි ඉන්ධන මිල අඩු වීමේ වාසිය මුළුමනින්ම ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන අයිතිකරුවන්ට තෙල් අඩුවට දෙනවා වගේ බස් වල යන දුප්පත් මිනිසාට සහන දෙන්න කිසි කෙනෙක් නැහැ. ඔක්කොම ඇති හැකි අයට පමණද?
අදහස ඉතා හොඳයි නමුත් ශ්‍රී ලංකාවේ වැඩි කරපු මිලක්, ගාස්තුවක් අඩු කිරීම ලේසි වැඩක් නොවෙයි.
බස් ගාස්තු වැඩි කලත් හවස 6න් පස්සේ අතුරු පාරවල් වල බස් නෑ. බස් සේවය දියුණු කිරීමට නං තනි තනි බස් අයිති කරුවන් වෙනුවට තනි සමාගමකට වගකීම පැවරිය යුතුය. දිවා රාත්‍රී බස් වාර ගණන, බස් රථවල ගුණාත්මක බව, සේවකයන්ගේ සුදුසුකම් හරියට ටෙන්ඩර් විය යුතුය. දැන් සිදු වන්නේ එක ගමන් වාරයකින් උපරිම ලාභ ලැබීමට උත්සාහ කිරීමයි. මෙය ඉතාම ප්‍රාථමික සේවයක් ලැබීමට හේතුවකි. අනික් රටවල දියුණු බස් සේවයක් පවත්වා ගන්නේ ඉහත ක්‍රමයටයි.
කොරලා පෙන්වන්නකෝ...
වෙලද ආර්ථියක මිල ගනන් තීරණය කරන්න ඕන වෙලදපොල මිසක් ඇමතිලා නොවේ. දැන් කකුලෙන් අදින ජනාධිපති නැති නිසා රට පූර්න ව්වෘර්ත ආර්ථිකයක් ඇති කරන්න බැරිද ?
බමුණා වෙත, බස් ගාස්තුව 4.2%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකදී එකග වී තිබේ.
මිල සූත්තරයෙන් තෙල් මිල ඉහළ යනකොට බස් ගාස්තු 10% කින් ඉහළ යනවා. ඒ සූත්තරයෙන්ම මිල පහළ යනවිට බස් ගාස්තු 4% කින් පහළ යනවා. වාහනය උස්සන්න ගහන ජැක් එකේ න්‍යාය තමයි ගාස්තු වැඩිවීමෙදීත් තිබෙන්නේ.
සිංගප්පූරු ගිවිසුමේ අතුනුබහන් මෙරටට ගෙන්වීමේ පහසුකමත් ඇතුළත් වුනේ ඔය මලඉලව් පූරණ විවෘත ආර්ථිකය නිසයි. විජාතිකයෙක් මහා බැංකුවට කෙලියේත් ඔය විවෘත ආර්ථිකය නිසයි.