
(සුජිත් හේවාජුලිගේ)
අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අගමැතිවරිය, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකුට පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනාව ගෙවීම ඔවුන්ගේ ඉල්ලීම මත පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ඇමතිවරුන්ද ඉල්ලීම් කරනු ලැබුවහොත් පාර්ලිමේන්තු දීමනාව ඉවත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.
මේ අතර කථානායක නියෝජ්‍ය කතා නායක නියෝජ්‍ය කාරක සභා සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දීමනා වෙනුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් රුපියල් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇත.
එම දීමනා වෙනුවෙන් සෙසු මාස වලදීද ඊට සමාන මුදලක් වැය කෙරුණු ඇතැයි පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකදීමනාව ලෙස රුපියල් 54285 ක මුදලක් ද මාසික සංග්‍රහ දීමනා ලෙස රුපියල් දාහක්ද රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක්ද දුරකථන දීමනාව ලෙස රුපියල් පනස් දහසක්ද මන්ත්‍රීවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගමන් වියදම් පියවීම සඳහා රුපියල් 15000ක්ද කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක්ද පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් වෙනුවෙන් රුපියල් 2500ක්ද හිමිවේ.
මෙයට අමතරව මන්ත්‍රීවරයා පදිංචි ප්‍රදේශයේ දුර අනුව ඉන්ධන ලබාදීම කෙරෙන අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට මාසිකව ඉන්ධන ලීටර් 283.94ක් ලබාගත හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි. මඩකළපු යාපනය දිගාමඩුලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 639.53ක් ලබාගත හැකිවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුදේ තමයි, විශ්‍රාමය සහිත වැටුපක් අරන් එක වැටුපක් නොකියා දීමනාවක් කියන එකත් කපටිකමක්. ඊනියා දීමනාව පක්ෂ අරමුදලට යවල එකෙන් සල්ලි බෙදාගන්න එකත් කපටිකමක්.
ඇයි ඉතින් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද. අතින් පෙට්‍රල් ගහගෙන ජනතා සේවය කරන්න කියල ද කියන්නේ.
දැන් කොහෙවත් රැස්වීම් නෑනෙ. එහෙම තිබුණා නම්, තෙල් ගහගන්න කියල , සහෝදරයො කීයක් හරි අතමිට මොලවනවා.
මන්ත්‍රිවරුන් තමන්ට හිමි වැටුප් හා දීමනා ලබාගැනීම කාටවත් ප්‍රශ්ණයක් වෙන්න බැහැ, ඒක ඒ අයට හිමි අයිතියක්, නමුත් අනීතිකව හා වෙනත් ක්‍රම විධි පාවිච්චි කරලා මහජන මුදල් ගසා කනවා නම් තමයි වැරදි ! ඒ කොහොම උනත් ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම නම් එතරම් සදාචාර සම්පන්න බවක් නැහැ. ඒ ගැන ජනාධිපතිවරයා සොයා බැලිය යුතුය.
කොහොමද සෙල්ලම? කිව්වේ නම් පඩි ගන්නෙත් නෑ කියලා. අනේ මෙහෙමත් ජනතාව රැවටුනු රැවටිමක්. අපි නම් දන්නවා පුතලාගේ කතාවයි කෙරුවාවයි කොහොමද කියලා. ඒත් කටක් ඇරියොත් අනිත් අයට කරන චෝදනා සහ දේශනා ඉවරයක් නෑ.
කයිය ගහන්නේ තමන් හරිම සුපිරිසිදු අදූෂිත ජනතා නියෝජිතයන් කියලා. හැබැයි යටින් ගේම් දෙන පට්ට හොරු. මේවා පැලවත්තේ ලොක්කෝ නොදැන සිද්ධ වෙන්න බෑ. උනුත් කම්බා හොරුනේ.
අපි හැමෝම එකම බෝට්ටුවක් බව ඔප්පු කළා. දේශපාලනඥයින්ට වඩා වෙනස් නැහැ, නිසැකවම ජවිපෙ හෝ ජාතික ජන බලවේගයේ කිසිවෙකු නැහැ. ඩඩ්ලි සේනානායකට පෙර අපට ඔවුන් ආදර්ශමත් චරිතයක් ලෙස සිටියා.
ඕක ඉතිං අනුමැතිය තියෙන දෙයක්නේ. මේ දූශන ක්රියාවලියක් හැටියට හොවා දක්වන්නේ.
මම කියන්නේ ඔය සියලු දීමනා එක්ක, වාහනයක් රහිතව මසකට ඇමති කෙනෙක්ට ලක්ෂ 2-2½ක පඩියක් දුන්නාම හොඳටම ඇති. මාළිමාව කියන විදියට වැටුප් රහිතව ඇමැතිකම් කරන්න බෑ. ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පන්තික පවුලක කෙනෙක්ට වුණත් ලක්ෂ 2ක් ඕනේ හරියට ඉන්න. හැබැයි හිටපු ඇමැතිලා තට්ටු දෙකට විදුලි සෝපාන දාන්න තරම් සල්ලි ආපු විදිය හොයලා ඒ සල්ලි ඔක්කෝම රාජසන්තක කරලා ඒ මුදල් ඔය විදියට මාසික ලක්ෂ 2 පඩියක් විදියට දෙන්න. හොරකම් කරන එක කැත වැඩක් හිඟා කනවාට වඩා...
ඉස්සර හිටපු ආණ්ඩුවල මන්ත්‍රීවරුන්ට ගිය ගාණා, මීට වඩා තුන් ගුණයක් වැඩියි නේද ?
ඒ වුණාට කියන්නේ කොහොමද? 159 කිසි කෙනෙක් හොරකම් කරන්නේ නැහැ කියලා. හාල්වලින්, ලුණුවලින් ගහනවා.
ඔය රටට වැඩ කරන්නෙ නිකම්ම. පඩි ගන්නෙත් නෑ. දීමනා ගන්නෙත් නෑ. ජය වේවා ! රට ගොඩම තමයි.
මෙම දීමනා පිළිබඳ ප්‍රෙයා්ජනයක් ලෙස සිතා බැලුවොත් හොඳයි නේද? උදාහරණ ලෙස දැනට පවතින මිල ගැන අනිවාර්යය දුරකට රුපියල් 3500ක්.
මේ එන්.පී.පී ආණ්ඩුවද?
වෙන්න බැහැ, හිතන්නවත් එපා... අපි ජීවීපේ එක සතයකුදු වන්චාවක්, වෙන්න බැහැ... ඕක ගිය ආණ්ඩුවේ ඈයෝ ගැන අපේ පිට දාපු එකක්, අපි ඇල්වතුරත් නිවලා ශීතකරණයේ දා බොන්නේ, බෝ පැල නොවේ බෝ ගස්, කතා කතාව...
වැටුප් නොගන්න කතා එහෙම දැන් සද්ද නැහැ ගන්නේ නැත්නම්, ඒවා රජයට ඉතුරුවෙන්න ඕනේ නේ . ජනතාව අන්දවන බොරු.
බයියන්ගේ වැලපීම් අපට අනවශ්‍යයි. ඇති තරම් තෙල් නිවාස ගන්න අපේ දරුවන් වෙනුවෙන් මේ රට හදන්න. වැලි කොට්ට ගහගෙන බේබිලාට කාර් පදින්න, රොකට් අරින්න රටේ සල්ලි කාබාසීනියා කල රටක් කලින් මේක.
මොකක්ද මේ කතාව .මේක ඇත්තක්ද .? අපි මේ ගොල්ලන්ටද චන්දෙ දුන්නේ . ජනාදිපතිතුමනි , ඔබත් වහාම මේ ගැන හොයා බලන්න මේක ඇත්තක්ද කියලා
මාලිමා කොටන බලකාය කුඹුරු කොටන්න ගිහින්ද මේ සද්දයක් නැත්තේ. මේ ඩබල් ගේම් දෙන්නේ අර මාසෙට ලක්ෂ තුනක් විතර පඩි සහ දීමනා ගන්න ගමන් නේද. ඒ ගැන එළියට ආවේ සජබයේ ජගත් විතාන තමුන්ගේ වැටුපෙන් කරපු දේවල් කියපු නිසානේ. නැත්නම් ඒකත් තාම හැංගිමුත්තන් සෙල්ලමේ. අනික් පක්ෂවල අය දූෂිතයෝ, මාලිමාව නම් පිරිසිදුයි කියලා මේ මෑතක දාවසකුත් අපේ ලාල් කාන්ත මහතා කිව්වේ වැරදිලාද.
උඹලා දෙපැත්තෙන්ම ගනිල්ලා. ඉතුරු එවුන්ට කොමිස් වදිනවා. දත් තියෙන කොට තමයි මස් කන්න ඕන.