(අජන්ත කුමාර අගලකඩ)
පාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
නිල ඇදුම් රෙදි, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ යටතේ ලියා පදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් පමණක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව සපයා ගැනීමටද තීරණය කර තිබේ.
මේ සඳහා රුපියල් කෝටි 210 ක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.
පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම 1993 වසරේ සිට සිදු වූ අතර 2015 සිට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර පත් ලබා දීම සිදු විය.
එය වෙනස් කරමින් නැවත නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය මෙලෙස තීරණය කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්... වහල් ආණ්ඩුවේ ජනාධිපති ගිය අවුරුද්දේ සළුසල වහලා දැම්මා. නැත්නම් තොගමිලට ආණ්ඩුවේ සළුසලෙන්ම මේ නිල ඇඳුම් රෙදි ගන්න තිබ්බා...
හොඳ තීරණයක්.. නමුත් බාල රෙදි දෙන්නේ නැතුව හොඳ තත්වයේ රෙද්දක් දෙන්න. පහුගිය වතාවල් වල දුන්න... ඒ වලින් ගොඩක් අය ළමයින්ට ඇඳුම් මැහුවේ නෑ. මොකද මාසයක් විතර යන විට ඒවා කහ පැහැයට (අව පැහැ) හැරෙන්නට ගත් නිසා. දේශීය නිෂ්පාදකයින්ට අවස්තාවක් දීමත් පැසසිය යුතු කරුණක්.
ඉතාම වැරදි තීරණයක්... දෙමව්පියන් ලෙස ප්‍රායෝගිකව අපි දන්නවා. රජයට වියදම් අධික (ඇසිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම) ,ගසාකෑම් ඉහ වග ගිය, බාල රෙදි ලැබෙන වැඩ පිළිවෙලක්. වවුචර ක්රමයේ හොරා කරන්න ඉඩක් නැහැ. වවුචරයට තව කීයක් හරි දීලා ගුණාත්මකත්වයෙන් හොඳ රෙද්දක් අර ගන්නවා බොහෝ දෙනෙක්... මේක දේශපාලන වාසියට සංදර්ශන තියන්න කරන වැඩක්.
ඔය රෙදි ගන්න ඕනා අහවලාගේ රෙදි ඒජන්සියෙන්... එතකොට ඇමතියට රුපියලක් යනවා මීටර් එකකින්. අමාත්‍යංශයේ තවත් දෙතුන් දෙනෙකුටත් සම්තින් එකක් යනවා. පසුගිය ආණ්ඩුව ඔය බිස්නස් එක නවත්වන්න තමයි කූපන් එක හඳුන්වලා දුන්නේ. නමුත් ඒ වැඩේ අසාර්ථක වුණා... නැතිනම් අසාර්ථක කළා. දැන් අායෙත් අතයට හම්බ කරන්න පුලුවනි...
ඉතාම අනුවණ ක්‍රියාවක්.. මේකෙන් රෙදි නාස්තිය වගේ එව්වා අඩු වුණා. වව්චරය ගත්තම දෙමාපියන් ඒ මුදල පාවිච්චි කරලා තමන් කැමති රෙදි අරගන ඇඳුම් මහලා දෙන්න පුළුවන්... දැන් වෙන්නේ රජයෙන් දෙන බාලරෙදි අපතේ යන එක...
අගය කල යුතු වැඩක්... අපි පාසල් යන කාලයේත් තිබුනේ මේ වගේ...
හෙන්චයියලාට කල්ල මරේ...
හොඳ රෙදි දෙන්න. ඒ වගේම සමහර දැරියන්ට ලැබෙන රෙදි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් පැවසෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න.
මේ ගමන්ම සිල් රෙදි ටිකකුත් දුන්නනම් හොඳයි නේ ...
මෙය හොඳ වැඩක් කියන්නේ නොතේරුම් කමට. වව්චරය දීමේ දී මුදල් නාස්තිය අඩුයි. රෙදි ගැනීම, පාර්සල් කිරීම, රට පුරා බෙදාහැරීමට යන වියදම අති විශාලයි. මේ වැය වන්නේ මහජනතාවගේ මුදල්. එය නාස්ති වීම හොඳද? නැද්ද?
1990 ගණන්වලදී අපිට ලැබුණු නිලඇඳුම්වල තත්වය නම් ඉතාමත් ඉහළයි. 2000ට පස්සේ ලැබුණු ඒවගේ තත්වය නම් කියන්න දන්නේ නැහැ. හැමදාම වැරැදි කියන්න හොඳ නැහැ. නිලඇඳුම් දුන්න මුල්කාලේ නිලඇඳුම් 2කට රෙදි දුන්නා...