(සුජිත් හේවාජුලිගේ)

සීමාසහිත සීනෝර් පදනම නිෂ්පාදනය කළ ගිලන්රථ බෝට්ටුවක් , පාලම් පාරුවක් සහ දැල් ආම්පන්න තොගයක් ගැණුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා එම පදනමට රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මෙම යාත්‍රා සහ උපකරණ ගැණුම්කරුවන්ගේ ඉල්ලීම් පදනම් කරගෙන කිසිඳු ගිවිසුමකට එළඹීමකින් තොරව 2015- 2018 අතර කාලයේදී නිෂ්පාදනය කර තිබිණැයි

පවසන එම කාර්යාලය මෙම සිද්ධියට වගකිව යුතු පාර්ශව හඳුනාගෙන එම අලාභවූ මුදල් අයකරගැනීමට මෙතෙක් කටයුතු කර නැතැයිද සඳහන් කරයි.

මේ අතර සීමාසහිත සීනෝර් පදනම අංක IMUL A 0061--KMN යාත්‍රාව සඳහා ගිවිසුම ප්‍රකාරව ගෙවිය යුතු වටිනාකමට වඩා රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද විගණන අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

තවද සී-නෝර් පදනම මිලදීගෙන ඇති වටිනා ලියවන පට්ටල් උපකරණ දෙකක් ප්‍රයෝජනයට නොගෙන ගබඩාවල ගාල් කර තබන ලදැයි කියන සිද්ධියක් පිළිබඳවද තොරතුරු හෙළිවූ බව පවසන විගණන කාර්යාලය ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොපැවතීම එම උපකරණ මෙසේ ගබඩා කර තිබීමට හේතු වශයෙන් දක්වා ඇතැයි ද අනාවරණය කරයි.