
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධිකරණ ඇමතිවරයාට විශ්වාස භංග ගේන්න හැදුවාට ඇත්තටම විශ්වාසය බංග වෙලා තියෙන්නේ විපක්ෂයේ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩ විතාන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
" විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පසුගිය සතියේ සමීක්ෂණ වාර්තාවක් එළිදැක්වූවා ජනාධිපතිවරයාගේ පාලන කාලය සහ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එහිදී සියයට 75.5ක ජනතා ප්‍රසාදයක් තිබෙන බවත් විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීම සහ නායකත්වය පිළිබඳව සියයට 29.4ක ප්‍රසාදයක් තිබෙන බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ විපක්ෂ නායකවරයාට සියයට 64 කට වඩා අප්‍රසාදයක් තිබෙනවා.
අප රටේ පොදු ව්‍යාපාර 52ක් සම්බන්ධයෙන් 2025 අවුරුද්දේ වාර්තාවක් එළිදැක්වුණා.ඒ අනුව ඒ ආයතන ලාභ ලබමින් ඒකාබද්ධ අරමුදලට විශාල මුදලක් බැර කර තිබෙනවා.ඒ අනුව දේශපාලන පරිවර්තනය සමග පොදු ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයකට පත්ව තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd