(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආහාර දෙපාර්තමේන්තුවේ  ගබඩා සංකීර්ණ( වේයන්ගොඩ) නවීකරණයට රුපියල් කෝටි 29 කට වැඩි මුදලක් වැය කර ඇතත්  මෙට්‍රික් ටොන් ලක්ෂයක නිශ්චිත ආහාරතොගයක්  පවත්වාගෙන යෑමට නොහැකිවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ දැඩි අවධානය යොමුවිය.

සාමාන්‍යයෙන් සහල් මෙට්‍රික් ටොන් 1,00,000ක තොගයක් පවත්වාගෙන යෑමට වසරකට රුපියල් කෝටි 2200ක්  අවශ්‍ය වන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය. 

රුපියල් කෝටි 29 ක මුදලක් වැයකර මෙසේ නවීකරණය කර ඇතැයි  පැවසෙන්නේ  ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ  අංක 1, 7, 8, 9,10 හා 13 යන ගබඩා හයයි.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ   රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්  (20) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.