
(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ පැවති ආසියානූ රයිෆල් පිස්තෝල වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට - 2026 සදහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ(10 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 02 දින සිට10 දක්වා ආසියානූ වෙඩි තැබීමේ සම්මේලනයේ සහ ඉන්දීය රයිෆල් සංගමයේ සංවිධායකත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වා තිබුණි .
එහිදී කනිෂ්ඨ වායු රයිෆල් කාන්තා අංශය යටතේ තරග කළ උමායා කුමාරසිරි රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියාය . ඇය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි .
එසේම වායු පිස්තෝල යෞවන මීටර් 10 කාන්තා ඉසව්වට සහභාගී වූ ප්‍රභා රහුමාන් , සිනදි කොඩිකාර සහ රේනියා රණසිංහ යන තිදෙනා ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියහ .
ඔවුන් 10 දින රාත්‍රී 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ජාතික රයිෆල් සංගමයේ නිලධාරීන් , පාසැල් වල ගුරු භවතුන් සහ දෙමාපියන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd