(යොහාන් භාසුර සහ සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (16) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේදී අද (16) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටියදී තමන්ට “ජයිකා” ආයතනය සමග එක්ව සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකිවූ බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය 1965 වසරේ සිට සංවර්ධන ව්‍යාපෘති 120ක් සඳහා ශ්‍රී ලංකාවට දායකත්වය ලබාදී ඇත . ණය පැකේජ, ව්‍යාපෘති ප්‍රදාන, ව්‍යාපෘති නොවන ප්‍රදාන ඇතුළු විවිධ ණය යෝජනා ක්‍රම යටතේ ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8829කි.
වර්තමානයේ “ජයිකා” ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති 14ක් දිවයින පුරා ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය පවසයි. බලශක්ති, ජල සැපයුම් හා ජලාපවහන, වරාය, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සංදේශ සහ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් වූ මෙම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබාදී ඇති සහනදායී ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2500කි.
දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පැහැදිලි කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, නිපුණතා සංවර්ධන, සෞඛ්‍ය, වාරිමාර්ග යන ක්ෂේත්‍ර වෙනුවෙන් ඉදිරි වසර සඳහා “ජයිකා” සහාය අපේක්ෂා කරන බවද පැවසීය.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිඩෙකි මිෂුකොෂි , ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ මෙරට නියෝජිත යමදා තෙත්සුයා යන මහත්වරුන් ඇතුළු
පිරිසක්ද සහභාගීවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් නැති සංවර්දනය පලක් තිබේද.?
එතකොට ජයිකා මොනොට්‍රෙන් ව්‍යාපෘතියට මොකද වුණේ.
පව් වැඩේ. නො කොමිස්.