
(අංජුල මහික වීරරත්න)
නිදහස් දිනය යනු අභිමානයෙන් සැමරිය යුතු දිනයක් වන නමුත් ආර්ථික අර්බුදයක මෙන්ම ඉන්ධන හා විදුලි අර්බුදයක රට හිරවී සිටින මේ මොහොතේ ගුවන් සංදර්ශන පවත්වමින් ජනතාවගේ මුදල් නාස්ති කිරීම අනුමත කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රට ආර්ථික සමාජීය වශයෙන් සෞභාග්‍යයෙන් පිරී ඉතිරි යන අවස්ථාවක නිදහස වෙනුවෙන් මෙවැනි සංදර්ශන එකක් නොව දහස් ගණනක් පැවැත්වුවත් ප්‍රශ්නයක් නැතැයි කී නියෝජ්‍ය නායකවරයා රටේ සමස්ථ ජනතාවගෙන් 50% කට වඩා මේ වන විට උත්සාහ කරන්නේ ආර්ථික නිදහසක් නැති මේ රටෙන් පිට වන්නට යැයි ද කීවේය.
නිදහස සැමරිය යුත්තේ ජනතාව සමඟ එක්ව බව කී විජයවර්ධන මහතා බඩුමිල අහස උසට යාමට ඉඩ හැර ජනතාවගේ ආර්ථික සමාජීය නිදහස අහිමි කළ ආණ්ඩුව තිබෙන ඩොලර් ටිකත් නාස්ති කරමින් නිදහස් දිනය උජාරුවෙන් සැමරීමට සුදානම් වන බව ප්‍රකාශ කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී විජයවර්ධන මහතා මෙි බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd