(රන්ජන් කටුගම්පල සහ මනෝ පිය ගුණසේකර)

රටේ සිදුවූ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු සොයා බලා ඊට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය

ආර්ථික අර්බුදයේ සිදු වූ කාල වකවානුවලදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ලිපි හුවමාරු අදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය මහ බැංකු මූල්‍ය මණ්ඩලයට නියම කළේය.

මහාචාර්ය මෙන්ඩිස් මහතා ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහ බැංකුවේ හිටපු අධිපති වරුන් වන ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් නම්කොට තිබුණි.

මෙම පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඉදිරිපත්වූ ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහ බැංකුවේ හිටපු අධිපති වරුන් වන ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන්ට එරෙහිව පමණක් විභාගයට ගන්නා බව දැනුම් දුන්නේ ය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මුර්දු ප්‍රනාන්දු විජිත් මළල්ගොඩ එල්ටීබ් දෙහිදෙණිය සහ බුවනෙක අලුවිහාරෙ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.

රටේ ආර්ථික අර්බුදය සිදු වූ කාල වකවානුවලදී රුපියලේ අගය අවප්‍රමාණය වීම බැඳුම්කරවල මුදල් යෙදවීම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක තබාගැනීමට බලහත්කාරයෙන් කටයු කිරීම  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ ලිපි හුවමාරු ආදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.