(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය උත්සන්න වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට ආර්ථික විශේෂඥයන් දුන් වැරදි උපදෙස් නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට බදු සහන ලබා දුන්නේ සද්භාවයෙන් වුවත් එය නරක පැත්තට හැර වුණු බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
පී බී ජයසුන්දර මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හිටපු ජනාධිපතිවරයා කැඳවූ අවස්ථාවේදී රටේ මූල්‍ය අර්බුදයක් නොමැති බව ඔවුන් පැවසුවේ යැයිද හෙතෙම සඳහන් කළේය.
රටේ විශාල ආර්ථික අර්බුදයක් පවතින බවත් ලබන මාසයේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ කොහොමදැයි මහා භාණ්ඩාගාරය කල්පනා කරමින් සිටින බවත් අලුත්ගමගේ මහතා කීවේය.
එහෙත් රටවල් කිහිපයකින් ආධාර ගණනාවක් ලැබීමට නියමිතව ඇති හෙයින් පඩි නඩි ගෙවීම කළමනාකරණය කරගත හැකි වෙතැයි විශ්වාස කළ අලුත්ගමගේ මහතා ආයතන ගණනාවකට රුපියල් බිලියන ගණනක හිඟ බිල්පත් ගෙවීමද විශාල ප්‍රශ්නයක් වී ඇතැයි සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික විශේෂඥයෙක්ගෙන් ගත යුතු උපදෙස් ගණකාධිකාරවරයෙක්ගෙන් ගත්තාම..., කෘෂිකර්මය පිළිබඳ උපදෙස් ළමා රෝග විශේෂඥයෙකුගෙන් ගත්තාම ආර්ථිකේටයි, කෘෂිකර්මයටයි කෙළවෙන බව ඕනෑම බූරුවෙකුට තේරුම් යන්න ඕනෑ...
ගෙම්බන්ට පුළුවන්ද ආර්ථිකය ගැන කතාකරන්න... අනේ යන්න. මෙච්චර කාලයක් කරපුවා මදිද, රටේ සංවර්ධදනය වෙනුවෙන් නුඹලා. දැන් මෙතන මගුලක් කියවනවා. ගෝඨාභය කෑවේ, රට කෑවේ උඹලා... තවත් ඕක ඇතුලේ ඉන්නවනේ ලැජ්ජා නැතිව. වෙන රටක නම් ඉන්නේ හිරේ...
දෙකේ දෙකේ පොල්ලකින් නෙලන්න කෙනෙක් නැද්ද?
කාලකන්නි ටික වට වෙලා රට විනාස කරලා දැන් අනිත් මිනිසුන්ට ඇගිල්ල දික්කරනවා. මේ කාලකන්නි ටික අඩුම ගානෙ යුද්දෙන් පස්සෙවත් එක අවුරුද්දක් රට හොදින් තිබ්බද ලෝකෙන් හිගානොකා. එදාඉදාන් ටික ටික කාපුවා වල විනාසේ මේ. උගත් කමක් නැති මීහරක් ප්‍රධාන පුටුවල ඉන්න කොට. මෙහෙම වෙනවා මුන්ට දැන්වත් බැහැ අයින්වෙන්න. මුන් ටික හිරේ දමන්න ඕන ලබන මැතිවරනය දිනපු ගමන්.