
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති රජය සත්‍ය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සී.එන්.එන් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්ව ඇති බවත් එයින් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට අවශ්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ශ්‍රී ලාංකික ජනතාව දුක්විඳින බව තමන් දන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආර්ථිකය ආපස්සට ගොස් ඇති බවත් නැවතත් ආර්ථිකය බිම් මට්ටමේ සිට ගොඩනැගිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩ නැගීම සඳහා වසර 5-10 ක කාලයක් අවශ්‍ය නොවන බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ලබන වසර අග වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවෙනු ඇති බවත් නිශ්චිතවම 2024 වසර වන විට ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථිකයක් ගොඩ නැගීමට හැකියාව ලැබෙනු ඇති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනටත් ඉන් පසුව සිංගප්පූරුවටත් ගිය අවස්ථාවේ තමන් කථා බහ කළ බවත් නමුත් මේ අවස්ථාවේදී රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිටින්නේද එසේත් නැතිනම් වෙනත් තැනක සිටින්නේද තමන් නොදන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කළ බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෙන් ගොඩයන්න හදන ගමන් කරන දේ පේනවා නේද?
"හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය වසන් කළ බව..." එතකොට ඒ හංගපු කට්ටියම මෙයාව ගේන්නේ ඇයි ජනාධිපති හැටියට..?
මෙයාලගේ තරම පේනවා නේද?
මහබැංකු මගඩිය වසංකළේත් එයාලාමද?
මිස්ටර් බීන් හින්දා... රට තවත් වලපල්ලටම තමයි..
මේ කතාවෙන් තේරෙන්නේ, ජාතිය වුවමනාවෙන්ම අගාධයට ඇද දැමූවන්ට දඬුවම් කරන්න නීති විතරක් මදි, පිට කොන්දකුත් ඕනෑ කියන එකයි...
Ruwan සහෝදරයා. ඒ හංගපු කට්ටියම මෙයාව ගේන්නේ ඒ කට්ටිය හංගන්න. රනිල් බලයේ ඉන්න කල්, හොරුන් රට පනින්නත් ඕන නැහැ. බය වෙන්නත් ඕන නැහැ. මහ බැංකු වංචා, පාස්කු ප්‍රහාර, සේරම එකම ගොඩේ.
තොත්ත බබා....
ආර්ථික අර්බුදයට මුල මහබැංකු මංකොල්ලය, 2015-2019 ආර්ථික වර්ධනය අඩුවීම, 2015-2019 ආණ්ඩුව විසින් දරා ගත නොහැකි ලෙස ණය ගැනීම, ණය වලින් වැඩි කොටසක් සියයට 6-7 අතර ස්වෛරී බැදුම්කර ඩොලර් බිලියන 12.5, 2016 අයිඑම්එප් ණය, විනථ ලෝක බැංකු ණය ඇතුලු ණය, පාස්කු ප්‍රහාරය, කෙරෝනා වසංගතයග කොරෝනා හැර අනිත් සියල්ලටම වග කියන්න ධ්නැ රනිල්. අරගලේ ප්‍රධාන අරමුණ රනිල් ජනපති කිරීම. අනුර කුමාරත් කැමති ඒකට. එහෙම වෙද්දි ලැජ්ජා නැතිව පොහෛාට්ටුව රනිල්ව ජනපති කරන එක තමයි අවුල තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර. 69 ලක්ෂේ ජන්දේ දුන්නේ රනිල් ජනපති කරන්න නෙමෙයි
රාජපක්ෂ දැන් සාමාන්‍ය පුරවැසියෙක්.. එයා කොහේ හිටියාම ඔහෙලට මොකක්ද තිබෙන අමාරුව..?.
බලතණ්හාව නිසා ඉතිහාසයේ දේශපාලන කුණු කූඩෙට වැටෙනවා.
මෙතෙක් කල් අපි දිගටම කරපු දෙයක් තමයි පසුගිය දේවල් ගැන සොයන්නට කාලය මිඩන්ගු කරපුඑක. සමහර වෙලාවට තම කිසිවක් නොකරන බව මහජනතාවට අමතක කරන්නට එහෙම කරන්නට අති. නමුත් දැන්වත් එ පිලිවෙත නවත්වල ඉදිරියට කරන දේ ගැන කතාකරනවනම් නේද හොද? මොන තරම් පසුගිය ආන්ඩුවෙ හෝ පාලකයින්ගෙ වැරඩි කිව්වත් ඒ්ව නිවැරදි කරන්නට බැහැ. පාස්කු ප්‍රහාරය අතුලු සෑම දෙයක්ම එහෙමයි. අපට නැතිඋනු දේවල් එමටයි. එව්ව ගන පසුතවෙමින් විවද වැඩ කරමින් එක එක්කෙනට දොස් පවරමින් උන්නොත් අනාගතයත් ඊට දෙවෙනි වෙන්නෙ නැහැ.