
(රංජිත් රාජපක්ෂ )
නුවරඑලියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයෙදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතර වීමෙන් සිදු විමට ගිය විශාල අනතුරක් වැළකී ගොස් ඇතැයි වලපනේ පොලිසිය කියයි.
මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය වලපනේ ප්‍රධාන මාර්ගයේ වලපනේ මහ ඌව ප්‍රදේශයෙදිය.
අධික බෑවුමක් සහිත එම මාර්ගයේ මහ ඌව වංගුව ප්‍රදේශයේ මීට ප්‍රථම රිය අනතුරු ගණනාවක් සිදු වූ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අධික බෑවුම් සහිත ස්ථානයේ පස් වලින් ආරක්ෂිත බැම්මක් ඉදි කිරිම නිසා මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් බස් රථය පස් කන්දේ ගැටී නතර වී ඇති බව වලපනේ පොලිසිය පැවසීය.
යාපනයේ සිට නුවරඑලිය සංචාරයක් සදහා පැමිණි 28 දෙනෙකු එම බස් රථයේ පැමිණ ආපසු යාපනය දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය ඉදිරියට ඇදී ගොස් ආරක්ෂිත පස් බැම්මේ වැදී නතර වි ඇත.
අනතුරින් කිසිවෙතුටත් තුවාල සිදු නී නොමැති බවත්, අනතුරට පත් බස් රථයේ ගමන් ගත් පිරිස යාපනයේ සිට වෙනතු බස් රථයක් ගෙන්වා ගෙන පිටත් විය ගිය බව වලපනේ පොලිසිය කියා සිටියේ.
අනතුරින් බස් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂිත බැම්ම විශාල අනතුරක් වළක්වයි
අකිල Monday, 29 September 2025 11:29 AM
මේ තිරිංග පද්දතිය අක්‍රිය වෙන්නේ අදික වේගයෙන් බැවුම් වල දාවනය කිරීම නිසා , රියදුරු පිලිබඳ පරීක්ෂණයක් කරන්න
ගුණරත්නMonday, 29 September 2025 04:32 PM
අකිල මහත්තයා කියූ දේ හරි වෙන්න ඕන, ඩ්‍රයිවර් බ්‍රේක් එකෙන් විතරක් කන්ද බස්සන්න හදලා වගේ, ඒත් මේ බස් එක සෑහෙන පරණ ඉසුසු ජර්නි එකක්, මේවා කෞතුක වස්තු විදියට මිසක් අනතුරු දායක මාර්ග වල මගී ප්‍රවාහනය කරන්න හොඳ වාහන නොවෙයි...
පුරවැසියන් Monday, 29 September 2025 03:11 PM
බ්රේක් වලට වැඩි බරක්දීලා පල්ලම් බස්සන්න ඇති.