(මනෝප‍්‍රිය  ගුණසේකර)

2018 දෙසැම්බර් 20 වැනිදායින් පසු පැවැත්වු ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට තමා හෝ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැඳවුයේ නැතැයි ත‍්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවසු හිටපු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මේ පිළිබඳව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් විමසු විට ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට අප කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බව දැනුම් දුන්නේ යැයිද පැවසීය.

පාස්කුදා ප‍්‍රහාරයට පෙර එවැනි ප‍්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරක් තමන්ට නොලැබුණු බවත් ඒ කාලයේ තමන්ට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යධුරයේ කටයුතු කිරීමටවත් ඉඩ දුන්නේ නැතැයි නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් හිටපු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
පාස්කුදා ප‍්‍රහාරය එල්ල වන සමයේ රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා බවත් එම සිද්ධිය වන විට රටේ හදිසි නීතීය ක‍්‍රියාත්මක නොවු නිසා හමුදාව කැඳවීමේ බලය ජනාධිපතිවරයාට හැර ආරක්‍ෂක ලේකම්වරයාට නොතිබු බවත් කී රුවන් විජයවර්ධන මහතා විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ කාලයේ තමාට බුද්ධි නිලධාරීන් තොරතුරු ලබාදීම් නොකළ බවත් මෙම ප‍්‍රහාරය එල්ල වනතුරුම එවැනි ප‍්‍රහාරයක් පිළිබඳ තොරතුරු තමාට නෙැලැබුණු බවත් කීය.

ඡයාරූප ඩ්ක්සන් වසන්ත