(නිමන්ති රණසිංහ)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන නඩු වාරයට පෙර අත්අඩංගුවට ගන්නැයි කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ලබන 09 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.
තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්’ට සැඟවී සිටීමට උපකාර කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනා වේ.
රියර් අද්මිරාල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා සාක්කි තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අද නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත්තේ ඒ සම්බන්ධව ඔවුන්ට යම් යමි බලපෑම් ඇති බවයි.
එම කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ලබන 9 වැනිදාට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව වෙනස් වුණාම සත්‍ය නේවි සම්පත් එළියට එ්වි..
අර්ජුන මහෙන්ද්‍රන්ට හොරකම් කරන්නට ආධාර, අනුබල දුන් අයවත් අත්අඩංගුවට ගන්නට නියෝග කළානම් තමයි හොඳ.
විනිසුරුවරයා දන්නේ නැද්ද අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි කියලා? ජනාධිපති විශේෂ කැබිනෙට් රැස්වීමක් කැඳවමින් ඔහුව ආරක්ෂා කළ බව.