
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනාවක් භාරදීමට තීරණය කර ඇත.
මෙම යෝජනාව ලබන සඳුදා කතානායකවරයාට භාරදීමට නියමිත බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නැගෙනහිර පළාත් භාර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ අරුණ ජයසේකර මහතාය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවක ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමෙන් එම පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි බව මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්නේය.
මෙයට අමතරව තවත් මන්ත්‍රීවරු රැසක් ඔහුගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවේදී විවේචනය කළහ.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගයක්: සඳුදා භාරදෙයි
යසපාල Saturday, 09 August 2025 02:31 PM
මෙයා අපිටත් ෂුවර් නෑ සහෝදරයා, මේ තනතුරට අපිත් එක්ක මුල සිට හිටිය අපේම කෙනෙක් දාන්න..
විපරමා Saturday, 09 August 2025 02:54 PM
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයෝ කවුද කියන එකත්, ඒ පිටුපස ඉන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ සිටින බවත් ලෝකෙම දන්නවා. බලය නැතුව, කරකියා ගන්ඩ දෙයක් නැතුව මෝලේ විකාර වෙලා ඉන්න විපක්ෂයේ අය ගැන මොන කතාද?
ගුණරත්න Sunday, 10 August 2025 08:12 AM
ඉතින් ඔය තරම් දන්නවා නම්, තොරතුරු තියෙනවා නම් ඇයි අත්අඩංගුවට අරන් හිරේ දාන්නේ නැත්තේ? ආණ්ඩුව පත්වුණාම පළමු කාර්යය පාස්කු වාර්තා එළිදරව් කරන එක, මහමොලකරුවා එළිදරව් කරන එක කිව්වා. මිනිස්සු ඒවා විශ්වාස කරලා උපරිම බලය දුන්නා. ඒත් මාස ගාණක් යනකම් කටක් ඇරියේ නැහැ. ඊටපස්සේ මැයි මාසේ දවසක් දුන්න. ඒත් ඔය කිසි දෙයක් කලේ නැහැ. දැන් ආණ්ඩුව පත්වෙලා අවුරුද්දක් වෙන්න තව ඉතාම කෙටි කාලයක් තියෙන්නේ, ඒත් කෝ විමර්ශන? කෝ වාර්තා? කෝ මහමොලකරුවා?...
වත්සි Saturday, 09 August 2025 03:25 PM
මේ ආණ්ඩුවේ අසමත් අය අතර බංකු බංකු මහතා ප්‍රමුඛයෙකි. කෙතරම් අසමත් වුවත් ආණ්ඩුවේ ඇත්තන් මෙහි දී එතුමන්ට තම පක්‍ෂපාතිත්වය පල කරනු ඇත. නමුත්, මෙම විශ්වාසයභංගය හරහා අ. ජයසේකර ඇතුලු සමස්ත ආණ්ඩුවේ නොහැකියාව වෙත ජනතා අවධානය යොමු කරවීමට කටයුතු කළ යුතුයි...