(යොහාන් භාසුර)
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මේ මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් පළවී ඇති මාධ්‍ය වාර්තා සාමාන්‍ය තොරතුරු මත පදනම් වී ඇති බවත් ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ලැබුණ හොත් ශ්‍රී ලංකාවට දැනුම් දෙන බවත් ඉන්දීය බුද්ධි අංශය දැනුම් දී ඇතැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කාර්ය නියුක්ත අධක්‍ෂ කර්නල් එම්. බී. බී. හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් මේ මස 13 දින ‘ද හින්දු’ පුවත්පතේ වාර්තාවක් පළකර ඇති බවත් එම තොරතුරු සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එම තොරතුර සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් කර අදාල ආරක්ෂක අංශ දැනුවත් කර ආරක්ෂාව තරකිරීමට සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ආණ්ඩුවක් ආපු ගමන් ඉතින් මේ LTTE අය ගහනවනේ...
රනිල් ආවොත් කොටි නැගිටිනවාමයි...
මේකත් ආණ්ඩුවේම වැඩක් වෙන්න බැරිද?.
කෝකටත් තෛලය කිව්වා වගේ පාස්කු ප්‍රහාරයෙන් ගොඩයෑම මතක් වෙන්නේ මට විතරද?
සාමකාමී ගෝල්ෆේස් අරගලයට LTTE මතින් දාලා ගහන්න යන ගේම් එකක්...
මේ සංවිධානය නැති කළා කියලා කිව්වා නේද?
මේ ආණ්ඩුවට, ආරක්ෂක අංශවල ගැතිකමට, මහජනයාගේ තියෙන අකැමැත්ත නැති කරගන්න බයකරලා කළින් ප්ලෑන් කරපු බෝම්බ පුපුරවලා, ජනතාවට ආණ්ඩුවේ ආරක්ෂාව අවශ්‍යයි කියවාගන්න කරන නාට්‍යයක්.. මෙයා දන්න එකම දේ බෝම්බ පිපිරවීම පමණයි..
බලය පවත්වාගෙන යන්න කොටි ප්‍රහාර. අහිංසක මිනිස්සු මැරෙනවා, හොරු වජබෙනවා. දැන්වත් අවදිවෙන්න.
LTTE එක නම් රනිල්ට විරුද්ධව නැගිටින එකක් නැහැ. ඒත් අලුත් LTTE එකක් නම් එන්න ඉඩ තියෙනවා. ප්‍රවේසමෙන්... දිය යටින් ගින්දර ගෙනියන කට්ටිය..
උරා කැකුණ තලන විට හබන් කුකුලන්ට රජ මගුල්. LTTE යත් පාස්කු ප්‍රහාරය කළ ගොයියොත් දැන් හෙමින්සීරුවේ වැඩ පටන් ගන්නවා.