
(අංජුල මහික වීරරත්න)
මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආයුර්වේද වෛද්‍ය පීඨයන්ගේ පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසැඳුම් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ අදාළ ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.
මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි දේශීය වෛද්‍ය උපාධි පාඨමාලා වලට අදාළ සායනික පුහුණුව විධිමත් කිරීම, ආයුර්වේද, සිද්ධ හා යුනානි සිසුන්ගේ සීමාවාසික පුහුණුව, දේශීය වෛද්‍ය පාඨමාලා හැදෑරූ සිසුන් රැකියා සදහා යොමු කිරීම, සිද්ධ වෛද්‍ය විද්‍යාවේ ඖෂධ සම්බන්ධ ගැටළු විමසා බැලීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම සාකච්ඡාව පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආයුර්වේද දෙපාර්තුමේන්තුව, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, නියෝජනය කරමින් නිලධාරීන් මෙන්ම කොළඹ, ගම්පහ වික්‍රමාරච්චි, යාපනය සහ නැගෙනහිර යන විශ්ව විද්‍යාලවල දේශීය වෛද්‍ය පීඨයන්හි පීඨාධිපතිවරු, එම විශ්ව විද්‍යාලවල ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම සාකච්ජාව සදහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd