(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් වටලා කාන්තාවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
එම කාන්තාවන් අතර ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු ද වන බව පොලීසිය සඳහන් කරයි
ගල්කිස්ස ගාලු පාර, පන්සල පාර, 4 පටුමග යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකරනු ලැබුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු අනුව බව පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 22 හා 39 අතර පසුවන පයාගල, විහාරහේමපාලදුර, පොකුණුවිට ,කහටගස්හන්දිය, මඩොල්සිම, පුවක්පිටිය හා හම්බන්තොට ප්‍රදේශවල පදිංපදිංචිකාරියන් බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා පස්සෙන් එළවන්නේ වෙන වැඩ නැතුවාටද? වෙනවෙන අපරාධ කොච්චරක් වෙනවද? ඕක, ගෑණු කරන්නේ ආසාවට නෙවෙයි. නැතිබැරි කමට...
මහලොකු වැඩක් කරලා...
හොරා කන දේශපාලුවන්ටයි, පගා ගන්න පොලිස්කාරයින්ටයි වඩා මේක ධාර්මිකයි. මොනවා වුණත් ගැහැණු මිනිස්සු මේ ජීවිකාව තෝරාගන්නේ ජීවත් වෙන්න මිසක්, ධන කුවේරයින් වෙන්න නෙවෙයි...!
මේකත් නිකන් සාමාන්‍ය දෙයක් වෙලා ...
ඔය සේවා සපයන්න කාන්තාවන් ඉන්නවා නම්, ඒ සේවා ලබාගන්නත් අයවලුන් ඉන්නවා නම් ඒ සේවා ජීවිතයට අහිතකර නැතිනම් මොන කෙහෙල්මලකටද නීතියෙන් ඔය සේවාවල් තහනම් කරලා තියෙන්නේ..?
මේවගේ තැන්වලට ගියාට මේ තැන් වල සේවාවේ අන්තිමට ගත යුත්තක් නැහැ..! නිකං අපරාදේ සල්ලි!...
ලොකු ලොකු හෝටල්වලත් ඔය වගේ දේවල් වෙනවනේ? ඒ ඒ තැන්වලට යන්නේ ලොකු ලොක්කෝ. බලපුලුවන් කාරයෝ.. ඒ නිසා අවුලක් නැතුව ඇති...