(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ අක්‍රමිකතා මෙන්ම කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්‍ය ආයතන 420ක ප්‍රධානින් මේ වසරේදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) කැඳවීමට තීරණය කර ඇත.
මේ අතර රාජ්‍ය ආයතන තවත් හතරක් ඉදිරි සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවන බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම ආයතන හතර වේ.
එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට මෙයට පෙරද කැඳවා තිබිණ.එම ආයතන යළි කැද වෙන්නේ ඒවායේ කටයුතු පිළිබඳව පසුවිපරම් කිරිම සඳහා යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි සිදුකොට ඇති බවට කෝප් කමිටුව තීරණය කරන සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා අතීතයට බලපාන අන්දමට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොමැතිව කුණු ගොඩවල් අවුස්සන්න පමණක් කෝප් කමිටුව තිබීමේ ඵලය කුමක්ද?