
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාගම බටුවත්තේ ආමි උපුල් ඝාතනයේ වෙඩික්කරුවන්ගේ සහකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයකු සමග තවත් පුද්ගලයකු රුපියල් කෝටි 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, ගිනි අවි සහ තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් සන්තකයේ හොරයින් මත්කුඩු කිලෝ 9 ගෑම් 220 ක් කේරල ගංජා කිලෝ 67 ගෑම් 520 ක් සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවිි දෙකක් , 9 එම් එම් වර්ගයේ ජීවඋණ්ඩ දහයක් , කඩුවක් ගුවන් හමුදා නිල ඇඳුම් , ජංගම දුරකථන හතරක් ලැෆ්ටොෆ් පරිගණකයක් විද්‍යුත්තරාදි හතරක් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 3 ආමි උපුල් නැමැත්තා රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසේ සිටියදී නිවසට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිණිය විසින් වෙඩි තබා ඔහු ඝාතනය කර තීරෝද රථයක නැග පලා ගොස් තිබිණි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආමි උපුල්ගේ ඝාතන සහකරු ගිනි අවි, මත්කුඩු සමග මාට්ටු