
(ඉන්දිකා රාමනායක සහ සුමිත් පොතුපිටිය)
ගෝනගංආර ප්‍රදේශයේ අක්කර හතරකට වඩා විශාල භූමියක පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් වටලා දිවයිනේ ප්‍රධානම ජාවාරම්කරුවකු බව කියන ‘‘තනමල්විල ආප්ප සුද්දාගේ‘ ගෝලයින් අට දෙනකු ගංජා කිලෝ 307 ක් , ෂොට්ගන් 2 ක් සහ බදින තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .
තණමල්විල, කුඩාඔය, ගගේ යාය , ඌව කුඩාඔය සහ මැදමුලන ප්‍රදේශයේ පදිංචි 30, 34, 40,42, 45, 46 සහ 53 වියේ පසුවන පුද්ගලයන් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඩී.අජිත් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් අක්කර දෙකේ සහ අක්කර 2 1/4 ප්‍රමාණයේ හේන් දෙකක් වටලා එහි තිබූ ගංජා කිලෝ 307 යි ග්‍රෑම් 750 ක් සහ දඩමස් ජාවාරම සදහා යොදාගත් බවට සැකකරන ෂොට් ගන් දෙකක් බදින තුවක්කුවක්ද සොයාගෙන ඇතැයි පවසයි.
හේන් දෙකේ හොදින් වැඩී තිබූ අඩි 5 ක් පමණ උසැති ගංජා ගස් දහසකට අධික ප්‍රමාණයක් පුලුස්සා විනාශ කළ බවද වැටලීමට එක්වූ නිලධාරීයෙක් පැවසීය .
දැනට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දිවයිනේ ප්‍රධාන ගංජා ජාවාරම්කරුවකු බව කියන ‘‘තණමල්විල ආප්ප සුද්දා‘‘ නැමැත්තා විසින් ජාවාරම මෙහෙයවන බවට තහවුරු කරගෙන ඇතැයිද පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd