(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි හේතුවෙන් ඇතිවූ ආපදා තත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වැසි තත්වය අඩුවීමත් සමඟ ගංගාවල ජල මට්ටම ද අඩුවීම නිසා ගං වතුර ද බැසයමින් පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
එසේ වුවත් ආපදා තත්වයේ බලපෑම නිසා දිස්ත්‍රික්ක 10 ක පවුල් 14,309 කට අයත් 56,630 දෙනකු තවමත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතරින් අවතැන් වූ පවුල් 1,660 කට අයත් 5,383 දෙනකු අද (17) උදෑසන වන විටත් ආරක්ෂිත ස්ථාන 36 ක රඳවා සිටි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්වූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ පැවති ආපදා තත්වය මේ වන විට සම්පූර්ණයෙන් පහව ගොස් ඇතැයි ද ඔහු කීවේය.
මින් වැඩිම පීඩාවක් සිදුවූයේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක පවුල් 9,179 කට අයත් 38,985 දෙනකු ඊයේ වන විටත් පීඩාවට පත්ව සිටි බව ඔහු පැවසීය.
මෙම ආපදා තත්වයෙන් නිවාස 207 කට අර්ධ හානි සිදුව, තවත් නිවාස 5 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආපදා තත්වය ක්‍රමයෙන් පහව යයි