(සුජිත් හේවාජුලිගේ )

විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ  ලේකම්වරයා ලෙස  අද (8) පත්කරනු ලැබීය.

එම  පත් වීමට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ   පිරිනමනු ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පත් කරනු ලැබීය.

ඊට පෙර දිසානායක  මහතා කටයුතු කළේ වනජීවී රාජ්‍ය අමාත්‍ය ධූරයේය.

විමලවීර දිසානායක මහතා වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේදී  එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේද
විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාය.