(මනෝප්‍රිය ගුණසේකර,ඩයනා උදයන්ගනී සහ ළහිරු හර්ෂණ)
ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ ආනයනික බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් අල අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති බැවින් මෙම බදු පැනවූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.
නුවරඑළියෙන් මෙවර සුවිශේෂි අස්වැන්නක් බලා පොරොත්තුවන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් වෙන්නේ ආනයනය කළ අල නොගන්නවාට වඩා මෙරට නිෂ්පාදනවල මිල අසාධාරණ ලෙස ඉහළ යාමයි. බදු ගෙවා ආනයනය කරන දේවලට මිලට වඩා අඩුවෙන් මෙරට වගා කරන දේවල් වල මිල අඩුවීමයි ජනතාව බලාපොරෝත්තුවෙන්නේ.
නියමයි ! ඔහොම යං අවුරුදු 5 න් රටම ගොඩ කොරෝනා ඇවිල්ලා කියන්න හදන්නේ ඕක තමයි විපක්ෂයේ ගොන් බූරුවන් ට තේරෙන්නේ නෑ
මේකත් අර රාජපක්ෂලාගේ සීනි සෙල්ලම වගේ වැඩක් ද දන්නේ නැහැ නැවක් දෙකක් ආනයනය කරනකල්ම ඉදලා එක පාරටම බද්ද අඩු කරලා කෝටි ගාණක් ගහ ගනීවි.