(ඩයනා උදයංගනී)
ආනයන සීමා ලිහිල් කිරීම ඉතා වගකීමෙන් සහ ක්‍රමාණුකූලව සිදුකිරීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය වගබලාගත යුතුයැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
එසේ නොකර වක්කඩ කැඩුවාක් මෙන් ආනයන සීමා ලිහිල් කළහොත් යළිත් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මේ වන විට ආර්ථික අර්බුදය යහපත් අතට පත්වෙමින් තිබුණත් සුළු හෝ වරදකින් අළු යට ගිනි පුපුරු මෙන් එය යළි මතුවිය හැකි බව ශාන්ත බණ්ඩාර මහතා කීය.
එබැවින් ආනයන සීමා ලිහිල් කිරීමේදී නිෂ්පාදන අමුද්‍රව්‍ය, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදියට මිස වෙසක් කූඩු, සරුංගල් ආදියට අවසර නොදිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නිලධාරීන් එවැනි වැරදි පියවර ගෙන යළිත් ගැටලුකාරී තත්වයක් මතු වුවහොත් ජනතාවගෙන් දොස් අහන්නට සිදුවන්නේ රජයට බව ද ඔහු සඳහන් කළේය.
රාජ්යග අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාරම්මල ප්‍රෙද්ශයේ පැවති ජන හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුවෙ නිලදාරින්ට ඔවුන්ගෙ වගකිම් හරිහැටි ඉටුකිරිමට ඉඩ නොදුන් නිසානේද දැන් ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ? මෙයාට ලකුනු කියක් දෙනවාඩ? තොත්ත බබාලා ටික.
මෙයාට දුන්නා නම් හරි මහ බැංකුවේ අධිපතිකම... කරන හැටි බලන්න...