(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
යම් යම් භාණ්ඩ වර්ග ආනයනය තාවකාලිකව අත්හිටුවමින් පනවා ඇති තහනම ප්‍රමුඛතාව මත වරින් වර ඉවත් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ දහස් ගණනක් ආනයනය කිරීම පසුගිය කාලයේදී තාවකාලිකව අත්හිටවනු ලැබීය.
ඔහු මෙසේ පැවසුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොකු දෙයක්.....ආනයනය බාධක ඉවත් කරලා දාන්න මහත්තයෝ...! අසරණ පවුලකට එදා මම රෝද පුටුවක් අරන් දුන්නේ රු 12,500 කට... ඒත් ගිය සතියේ මම ඒ රෝද පුටුවම අරන් දෙන්න යවපු මිළ රු 47,500...! ඒ ගාන අහලා මම කෙතරම් අසරණ වුනාද?? රෝද පුටු තුනක් අරගෙන දෙන්න තිබුණනේ ලංකාවේ ආබාධිත අසරණයින්ට!
ලංකාවේ විශාල ඩොලර් ප්‍රමාණයක් මිනිස්සුන්ගේ අල්මාරිවල තියෙනවා. එම ඩොලර් බැංකුවට දීලා කෙළින්ම LC (ණයවර ලිපි) ඇරලා භාණ්ඩ ගෙන්වා ගන්න අවසර දෙන්න. මේ ප්‍රශ්නෙ නිකන්ම විසඳෙනවා. නැතිනම් ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අමතර කොටස් නැතිව සංචාරක, ඇඟලුම් වැනි කර්මාන්ත ඉදිරි වසරේ බිඳ වැටෙනවා. ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙනවා.
ඔව්, ඉතිං ඩොලරුත් නැවෙන් ගෙනත් 5000 කොළවලට මාරුකරලා බෙදන්න පුළුවන් කියලා හිතන් ඉන්න ඇමැතිවරු ඉන්නකං... මේවා හොඳයි ළිං මැඩියන්ට කියන්න... ආනයන සීමා ලිහිල් කරලා බඩු ගන්නේ හාල්, පොල්වලට මාරු කරලද?
ආණ්ඩුවේ බත්ගොට්ටන්ට වාහන ගෙන්න ගන්න වෙන්නැති.
ඒ තීරන දේශපාලකයෝ හිතා මතා ගන්න එපා. මහා බැංකු අධිපතිගේ උපදෙස් අනුව ඒ තීරණ ගන්න. රටේ ආර්ථිකය ගැන අවබෝධයක් ඇත්තේ මහා බැංකුවේ ආරථික ඔස්තාරලට. නැතුව ඔක්සිජන් මොකටද ආහපු නරුමයින්ට නොවෙයි.