(ඩයනා උදයංගනී)

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සඳහා අවශ්‍ය දේ ආනයනය සඳහා විකල්ප ක්‍රමවේද හඳුනාගැනීම වෙනුවෙන් එම භාණ්ඩ ආනයනය කරනු ලබන රටවල් සමඟ සාකච්ඡා කිරීම සඳහා කමිටු තුනක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 

ඒ අනුව මහජන චීන සමූහාණ්ඩුව, ජපානය සහ මැදපෙරදිග රටවල රජයන් සමඟ සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් සහ ඇමතිවරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් කමිටු පත්කර ඇත.