IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’ආදර ගඟ ගලන දෑස’’ දැයෙන් සමු ගනී

(ඩයනා උදයංගනී)

මෙරට සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය.

අතිශය ජනාදරය දිනූ නවකතා 68 සහ තවත් කෘතීන් ගණනාවක් ඔහු මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළේය.

ඔහුගේ පළමු කෘතිය වූ "ආදර ගඟ ගලන දෑස" නවකතාව 1968 වසරේදී පළ වූ අතර ඔහු සිය ලේඛන දිවියේ 70 වසරක් තුළ ලියූ නවකතා ගණන 68 කි. 'සිත්තරෙකුට පෙම් බැඳ', 'දෙමස්සිනෝ', 'මිහිඳුම් සළු', 'රන තිසරු', 'නොමැරෙන මිනිස්සු', 'සොල්දර ගෙදර', 'අග මෙහෙසිය', 'කුමාරිහාමි', 'වක්කලම', 'පටලැවිල්ල', 'වජිරපාණි', 'රූමතිය', 'බකිනි මල', 'රන් තරුව', 'පංචකල්‍යාණි', 'සුන්දර සහ දේවින්ද', 'පිනි පලස', 'ස්වරණ වර්ණ', 'උරචක්‍රමාලය', යන කෘතීන් ඔහු විසින් රචනා කළ කෘතීන් අතර වේ. මේ අතරින් "මිහිඳුම් සළු" නවකතාව සුනිල් ආරියරත්නයන් විසින් සිනමා පටයකට තෝරා ගත් අතර එහි තිර පිටපත ලිවුවේද සෙනෙවිරත්නයන් ය .

"කුමාරි හාමි"නව කතාව සඳහා 1984 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමිවූ අතර කුමාරි හාමි ටෙලි නාට්‍යයට පාදක වූයේද මෙම නවකතාවය. නොමැරෙන මිනිස්සු,කස්තිරස, නිකිණි වැස්ස , දහස්ගව්දුර(සහෝදරයෙක්) ටෙලි නාට්‍යයට නැගූ එතුමාගේ නවකතාවන්ය. ජයකොඩි සෙනෙවිරත්නයන් දෙදරු පියෙකි. කලුතර නගරයේ සුන්දර ගම්මානයක් වන ⁣රෙමුණගොඩ ගම්මානයේ ව්‍යාපාරිකයකු වූ ජයකොඩ් දොන් පීරිස් මහතාගේ සහ ගමගේ දෝන පොඩිනෝනා මහත්මියගේ පස්වන දරුවා ලෙස 1936 වසරෙ මාර්තු මාසෙ 20 වැනිදා ඔහු උපත ලැබීය. කලුතර රජයේ පාසැලේ මූලික අධ්‍යාපනය ලැබූ සෙනෙවිරත්නයන් ඉන්පසු බොම්බුවල බෞද්ධ මිශ්‍ර පාසලෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කලුතර තිස්ස මධ්‍යමහා විද්‍යාලයට අැතුලත් විය. සෙනෙවිරත්න වයස අවුරුදු 16 පමණ සිට කෙටි කතා ලියා පුවත්පත්වලට යොමු කළ අත⁣ර ඒවා දිනමිණ පුවත් පතේ පළ විය.

ජ්‍යේෂ්ඨ විභාගයෙන් සමත්වුවද සරසවි වරම් අහිමි වූ ඔහු ඉන්පසු රජයේ තරඟ විභාගවලින් සමත්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ අතර 1990 වසරේ දී විශ්‍රාම ලැබීය. ජයකොඩි සෙනෙවිරත්නයන් ගේ දේහය එතුමන් බොහෝ කලක් පදිංචිව සිටි ගම්පහ කිරිදිවැල නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු කිරිදිවැල පොදු සුසාන භූමියේදී සෙනසුරාදා සවස සිදුකිරීමට නියමිතය.

 



අදහස් (2)

’’ආදර ගඟ ගලන දෑස’’ දැයෙන් සමු ගනී

randil Thursday, 22 September 2022 09:51 AM

යුග යුග ගණන් සිත් සතන් සැනසූ අපූරු මිනිසෙක්... ඔහුගේ කතාවල තිබූ සරල රසය විඳගන්නට පොඩි දරුවකුට පවා හැකියාව ඇත. දහස් ගණන් ලේඛකයන් සිටියද ඔහු සුවිශේෂීය. සොඳුරු ඔබට සොඳුරු ගමනක්...

:       0       0

Senaka Thursday, 22 September 2022 10:10 AM

ඔබතුමාට නිවන් සුව ලැබේවා!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site