(සිරංගිකා ලොකුකරවිට)
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ 30 වැනි සංවත්සර උත්සවය සැමරීම සඳහා තක්සේරු නිලධාරියකු මාර්ගයෙන් රුපියල් 50,000.00 බැගින් මුදලක් එකතු කරන බවට වී තිබේ.
මේ පිළිබඳ දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කේ.එල්.රංජිත් සූරසේන මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ආදායම් බදු ගැටලුවලට සම්බන්ධතාවක් නොමැති අයගෙන් මෙම මුදල් එකතුකිරීම සිදුකරන බවයි.
කොමසාරිස්වරයා පවසන පරිදි දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවෝ 22ක් සිටිති. ඔවුන් එක් අයකුගෙන් 50,000.00 බැගින් උත්සවයට එකතු කරන්නේ නම් එහිදී එකතුවන මුදල ලක්ෂ 11කි.
කොමසාරිස්වරයා කියා සිටියේ මැයි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම 30 වැනි සංවත්සරික උත්සවය සඳහා රුපියල් ලක්ෂ 10කට වඩා මුදලක් වැයවන බව තීරණය කර ඇති බවයි.
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම් ප්‍රභවය වන්නේ ඉඩම් ඔප්පු ලියාපදිංචියේ දී ලබාගන්නා මුද්දර ගාස්තුවයි. ඉඩම් සඳහා අඩු වටිනාකම් සඳහන් කරමින් රජයට ලැබිය යුතු ආදායම් අහිමිකරන පුද්ගලයන් සොයා අදාල දඩ මුදල් අයකරගැනීම තක්සේරුකරුවන්ගේ ප්‍රධාන රාජකාරියක් වෙයි. ඔසු සැල්වලින් ආදායම් එකතුකිරීම, ඛනිජ සම්පත් අළෙවිකරුවන්ගෙන් ආදායම් එකතුකිරීම සහ හිඟ ආදායම් මුදල් එකතු කිරීම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ අනෙකුත් ආදායම් මාර්ග වෙයි.
එවැනි වතාවරණයක් තුළ උත්සවය සඳහා මුදල් එකතුකරනු ලබන්නේ කවර ආකාරයේ පුද්ගලයන්ගෙන් දැයි විමසූ විට කොමසාරිස්වරයා කියා සිටියේ මේ වනවිට ආදායම් බදු ගෙවීමේ ගැටලුවලට මුහුණ දී නොමැති තම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යාපාරිකයන් හා නීතිඥයන්ගෙන් මුදල් එකතු කරන බවයි.
පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ම නිලධාරීන් පිරිසක් චෝදනා කරන්නේ මෙලෙස මුදල් එකතුකිරීමට කොමසාරිස්වරයා විසින්ම උපදෙස් දීම ආදායම් ගෙවීම් පැහැර හැර ඇති අයගෙන් අල්ලස් ගැනීමකට සමාන කාර්යයක් බවයි. එමෙන්ම දැනට වාර්තාවන ආකාරයට මේ උත්සවයට මුදල් එකතුකරන බව පවසමින් ආදායම් ගෙවීමේ ගැටලු ඇති අයගෙන් අල්ලස් ගෙන ඔවුන් මුදල් ගෙවූ බව කාර්යාලයට දන්වා ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ද සැළසුම් වෙමින් පවතී. කොමසාරිස්වරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මකවන මෙම මුදල් එකතුකිරීමේ වැඩසටහන හේතුවෙන් තක්සේරුකරුවන්ට ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන්, නීතිඥයන් හා පොළී කරුවන් වැනි පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනක අල්ලස් ගැනීමට මඟ පෑදී ඇත.
මේ පිළිබඳ විමසූ අවස්ථාවේ දී කොමසාරිස් වරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“මේ උත්සවයට පළාත් සභාවෙන් සල්ලි ලැබෙන්නේ නැහැ. 30 වැනි සංවත්සරයට ඉහළින් සමරන්න තීරණය කළේ අපේ සුබ සාධක සංගමය. මුදල් නොලැබෙන නිසා අපි සල්ලි එකතු කරන්න කියා උපදෙස් දුන්නා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සල්ලි නැත්නම් උත්සව තියන්න එපා කියලා. ඒ වගේම මේක අනවශ්‍ය වියදමක් කියලා කියන්නත් පුළුවන්. ඔබ ඇසුවාට මෙය අල්ලස් ගැනීමක් නේද කියා අපි එසේ සිතන්නේ නැහැ. අපි මේ මුදල් එකතු කරන්නේ අපෙ දෙපාර්තමේන්තුවට උදව් කරන්න සූදානම් අපේ හිතවතුන්ගෙන් විතරයි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමසාරිස්ව ගෙදර යවන්න කාලේ හරි. තව එක මොහොතක් ඔය පුටුවේ තියන්න එපා. ගහලා එළවන්න ඕනෑ.
මෙම කොමසාරිස් කියන පරිදි ආදායම් දෙපාර්තමේන්තුවට හිතවතුන් ඉන්නවා නම්, ඕක ලොකු විහිළුවක්... ඔවුන් රටට බදු වංචා කරන අය වෙන්න පුළුවන්...
ඉස්සර කාලේ මේ වගේ දෙයක් කළා නම් කොමසාරිස් කේ.එල්.රංජිත් සූරසේන නවතින්නේ ගෙදර.
මම හිතන්නේ නැ මේ විදිහට එකතු කිරීමට රජයේ නිලධාරින්ට ජනාධිපතිතුමා ඉඩ දේවි කියලා.
තවත් අදූරදර්ශී මෝඩ කපටියෙකුගේ වැඩක්...
මේක මාර වැඩක්නේ... ඔහෙලගේ සංවත්සරය අපි අහවල් දේකටද සල්ලි දෙන්නේ? අපෙන් ලක්ෂ ගණන් එකතු කරලා ඔහෙලා රට බඩුවලින් සප්පායම් වෙන්න. සංවත්සරය කරන්නේ ඔහෙලා නම් එකතු කරන්න ඔහෙලගේ කට්ටියගෙන් සල්ලි...
අඩුම ගානේ අවුරුදු 50ක් සපිරීම සමරනවා නම් පොඩි සමාවක් දෙන්න තිබුණා. 30 මොකටද සමරන්නේ? අනෙක මේ කොරෝනා වසංගතයක් රටේ පැතිරෙද්දී. ඔහොම සල්ලි ගත්තාම හරියට රාජකාරිය කරන්න බැරිවෙනවා කියලා ඕනෙම කෙනෙක් දන්නවා. අන්තිමට නිකමට මුදලාලිලාගේ සාක්කුවේ නැටවෙනවා. රජයට කෝටි ගණන් පාඩු වෙනවා. අහිංසක අපෙන් තමයි ඔක්කොම අයකර ගැනීම් නීතියට වෙන්නේ.