(නිමල කොඩිතුවක්කු)

මැතිවරණ වේදිකාවේ ලක්ෂ 12ට විට්ස් කාර් ලබා දෙන බවට පැවසූ මාලිමා ආණ්ඩුව අද වනවිට වාහන ආනයන මත 50% අධිභාර බද්දක් පනවා පාරිභෝගික අයිතිවාසිකම් සුනුවිසුණු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වන විට ගොවි, ධිවර, කම්කරු, ව්‍යවසායකයන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආදී සෑම ක්ෂේත්‍රයක්ම මුහුණ දෙන දුක ගැන රජයට කිසිදු තැබීමක් නොමැති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

2024 ජනාධිපතිවරණයේදි පොහොසත් රටක් නිර්මාණය කර ලස්සන ජීවිතයක් නිර්මාණය කරන බව පැවසුවත් පොහොසත් රටේ ලස්සන ජිවිතය තුළ 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම, තරුණ පරපුරට ලක්ෂ 12ට විට්ස් කාර් ලබා දීමට රජය කටයුතු නොකළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.