(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා දැඩි ඇප කොන්දෙසි මත සහ රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැරිමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂීකා පටබැදිගේ මහත්මිය නියෝග කළේය.
කාන්තාවකට ගිනි අවියකින් පහර දිමේ චෝදනාවක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙසේ ඇප නියම වුයෙ කලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සිටි මේ වන විට සමගි ජන බල වේගය පක්ෂය නියෝජනය කරනු ලබන ගාමිණී වඩිගමංගාව මහතාය.
ආණමඩුව තට්ටෑව ප්‍රදේශයේ ඒ .එච්.එම් විමලාවති නැමති 58 හැවිරිදි තිදරු මවකට ගිනි අවියකින් පහර දිම සම්බන්ධව හිටපු සභාපතිවරයාට විරුද්ධව චෝදනා එල්ල වි තිබුනී.
කුඹුරක නියරක් සකස් කිරීමක් සම්බන්ධව ඇතිවු බහින් බස් විමකින් පසුව හිටපු සභාපතිවරයා විසින් ඔහු අත තිබු ගිනි අවියකින් කාන්තාවගේ පපුවට ප්‍රහාරයක් එල්ල කර ඇයට මුහුණට පහරක් ගසා ඇති බව පොලිසියට පැමිනිලි ලැබි තිබුනී.
කෙසේ නමුත් අදාල පැමිනිල්ල සදහා පැමිනිලි පාර්ශවය හා චුදිත පාර්ශවයට විභාගයට පොලිසියට පැමිණේන ලෙසට පොලිසියට කැදවා තිබුනද හිටපු සභාපතිවරයා පැමින නොතිබු බව පොලිසිය පවසයි.
ඒ අනුව හිටපු ආණමඩුව ප්‍රාදේශීය සභාපතිවරයා පොලිස් අත් අඩංගුවට ගෙන තිබුනී.
අත් අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයා ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසුව මහෙස්ත්‍රාත්වරිය දැඩි අවවාද කරමින් හිටපු සභාපතිවරයාට ඇප කොන්දෙසි තබමින් ඇප මත මුදා හැරිමට කටයුතු කල අතර නැවත ඔක්තෝම්බර් 14 දින මෙම නඩුව කැදවිමට ද මහෙස්ත්‍රාත් වරිය පොලිසියට නියෝග කෙරුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd