තරිඳු ජයවර්ධන
‘‘අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා‘‘ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ගම්මන්පිල මහතා එලෙස ප්‍රකාශ කළේ නඩු තීන්දුවෙන් පසු අධිකරණ භූමයේ දී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ මහතා මෙසේ ද කීවේය.
“එක්සත් ජාතික පක්ෂය අධිකරණ බලය පාවිච්චි පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු එහෙම නැත්නම් අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කළා. ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ කුමක්ද කියන ප්රශ්නය අද මතුවෙලා තිබෙනවා. බටහිර තානාපති කාර්යාල නිදිමරාගෙන දැවැත්ව ප්රයත්නයක් දැරැවා මේ ප්‍රතිඵලය ලබාගන්න. ඔවුන්ට අනුව ප්රජාත්රවන්තවාදය කියන්නේ මැතිවරණ නොපැවැත්විමයි. එහෙමනම් අපිට කියන්න තියෙන්නේ ප්‍රජාත්‍රවාදයට ජයවේවා කියලා විතරයි.
අපේ ඊළඟ පියවර ජනපති ලේකම් කාර්යාලයේ ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා. අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිදී තිත්තයි නේද? විනිසුරු මඩුල්ල වැඩි කරන්න ඉල්ලුවේ කවුද? බලෙන් හැමදේම ගන්න බැහැ. තමන්ට ඕනේ විදියට අධිකරණයේ තීන්දු තීරණ ගන්න බැරි විත්තිය දැන් වත් දැනගත්තොත් හොඳයි.
රටට හිතකර සටන් පාඨයක් යොදාගෙන නැවත දේශපාලනයට එන්න. බේගල් ඇද බාලා, ජාතිවාදය අවුස්සලා මේ අහිංසක රට විනාස කරන්න එපා.
දැන්වත් මේ කෑගැහිල්ල නවතීද මන්දා.
මොහුට දැන්වත් හිතෙන්නේ ඕනේ වෙන රැකියාවක් සොයාගත්තනම් හොඳයි කියලා ?
දැන් ඉතින් බැස යන කලාව තමා උදා වෙලා තියෙන්නේ.
ඔබලාට නැති උනාට සාමාන්‍ය ජනතාව වන අපිට නම් අන්තිමේට පිහිටට තියෙන්නේ ගරු අධිකරණය තමා.
අනේ පව්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවලංගු වුනාට, නව අගමැති පත් කිරීම නීති විරෝධියි කියලා තම තීන්දුව හම්බ වුනේ නැහැනේ. ඒකටත් මොන වගේ උත්තරයක්ද හම්බ වෙන්නේ කියලා බලමු. පාර්ලිමේන්තුවේ එක එක් කෙනාට දාලා තියෙන නඩු බැලුවම නඩුවලට සහභාගී වෙනවා හැර වෙන වැඩ කරන්න හම්බ වෙන එකක් නැහැ වගේ. අවුරුදු හතර හමාරෙන් ඉතිරි කාලේ ව්‍යවස්ථාවේ ප්‍රයෝගික අත්දැකීම ගන්න පුළුවන් වෙයි වගේ. එකත් හොඳයි.
වැදගත් විදිහට හැසිරෙන්න. අනුන්ට අවලාද නොනගන්න, වෛරය ක්‍රෝධය අත්හරිමු. ලාංකීය ජනතා හැටියට එකතු වී වැඩ කරන්න.
බැස යන්න සුදානම් පැරදුම දරන්
තවත් පුහු තර්ක නොදා දැන්වත් පැත්තකට වී සිටියෝතින් තමා බොහොම හොඳ.
මොනවාද බැහැලා යන්නේ? ඊළඟට තියන්නේ ජනතා අධිකරණයෙන් යවන එක.
හපෝයි! අනුන්ට කීවට තමන්ට දවසක් වත් අමාත්‍යාංශය පැත්තේ යන්න පුළුවන් උනාද ?
මොහු "රට සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා යයි කියනවා". නමුත්, මොහුගේ පවුලේ අනිත් උදවිය ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ නේද?
ලැජ්ජා නැතිකම ඇමතිකම් වලට වඩා ලොකුයිනේ. තව තවත් බැහැලා යන එක තමයි ඔය කතාවකින් සිද්ද වෙන්නේ.
මහත්තයෝ... ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ ඔයාලට සටන් පාඨයක් කියලා අපි හැමෝම දන්නවා. අනික ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ එක එක්කෙනාට හිතුනු හිතුනු වෙලාවේ ඡන්දෙ තියන්න ඕනේ කියන එකත් නෙමේ කියලා හිතාගන්න... අපිට වෙන වැඩ තියනවා ඔයාලට කතිර ගගහා ඉන්නවා වෙනුවට...
[ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්.....] මොනවා? සූදානම් වෙන්න මහන්සි වෙන්න එපා...දොට්ට දාලා තියෙන්නේ! තවමත් පවතින ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය යටතේ අධිකරණ නිදහස තවමත් පවතින බව දැක්කද? දැන්වත් ලොක්කට කියන්න බල කෑදරකම බල්ලට දමල බණක්, භාවනාවක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න කියලා. ඔක්තෝබර් 27දා උදේ පාන්දරම රනිල් අරලිය ගහ මැදුරෙන් පන්නා දමන්න වලිකාපු තුන්මුල්ලේ විමලේගේත් නාමල් පැංචාගේත් මදාවිකම් දැන් කොහෙද කියලා අහන්න....
බොහෝ දුරට පහසුවෙන් දිනන්න පුලුවන් හැකියාව නැත්තටම නැති කරගත්තා සිරාගෙ ලණුව අායෙත් ගිලලා...
අනේ මහත්තයෝ... ඔයාලා පිස්සු නැටුවේ නැත්තම් මැතිවරණය තියෙන්නේ 2020 තමයි. ඉතිං මෙතන කල්දැමීමක් වෙලා නැහැ. ඒකයි නියම ප්රජාතන්ත්රවාදය. බැරිවෙලාවත් තීන්දුව ඔයාලට ආවානම් තානාපතියො ගැන ඔය විදිහටම කියනවද? උසාවිය ඔයාලට ඕන තීන්දුව විතරද දෙන්න ඕනේ?
බැස යන සද වාගේ අදහා ගන්නට බෑ.
එතකොට ප්රජාතන්ත්රවාදය කියන්නේ කුමන්ත්‍රණ කරලා ආණ්ඩු බලය ලබාගැනීම කියලද මෙයා අපිට කියන්නේ. ව්‍යවස්ථානුකූලව ඡන්දය පවත්වලා බලය ගන්න දැන්වත් උත්සාහ කරන්න.
මේ අය රට විනාස කරලා ඉවරයි.
මෙයා බනින්නෙ බටහිර රටවලට විතරයි.. ඕස්ට්‍රේලියාවට මුකුත් කියන්නෙ නැත්තෙ පවුලෙ කට්ටිය ඉන්න නිසාද ?
කෝ විමල් ?
අහන්න... කරුණාවෙන් බහින්න.
සුදු මිනිසුන්ගේ සල්ලි හොරා කන්න නම් හොඳයි නේද? ඒ මදිවට අපේ අහිංසකයින්ගේත් රුපියල් 100ගානේ හොරා කැවා. ටිකක් ඉන්නකෝ ඒවටත් උසාවිය උත්තර දේවි ඉක්මනටම...