
(අංජුල මහික වීරරත්න)
මේ වසර අවසන් වන්නට පෙර ආණ්ඩුවත් පිපිරී යාමට නියමිත බව ඉතා පැහැදිලි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුවේ පිපිරීම හමුවේ ජනතාව රැක ගැනීමට සිටින එකම නායකත්වය සහිත පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් යැයිද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් විජයවර්ධන මහතා කීවේ පක්ෂයක් ලෙස අප විවිධ අභියෝගවලට මුහුණ දුන් නමුත් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා දැන් බොහෝ පාර්ශ්ව අපට සහාය දෙමින් සිටින බවයි.
මේ එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක වසරක් බව ද විජයවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එළුවගේ මොකක් ද එක වැටෙන කම් බලන් ඉන්නවා වගේ ආණ්ඩුව පිපිරිලා කෑලි අහුලන්න බලන් ඉන් නැතුව තමුන්නාන්සේගේ පක්ෂයේ කෑලී ටික මුලින් එකතු කරගෙන පිලිගත් වැඩපිලිවෙලක් ඒක්ක එන්න.ඒ ඔක්කොටම පෙර ඉක්මනට අවදිවෙන්න පුරුදු වෙන්න.
ජනතාවට ආණ්ඩුව එපාවෙලා ගොඩක් කල්, ඒත් විකල්පය යූ.එන්.පී නෙමෙයි
අර කවුද එළුවන් පස්සේ ගියාලු මොකක්ද වැටෙයි කියල නෙහ්.
ඔබතුමාටත් අවස්ථාවක් දුන්නු වෙලාවේ හරියට කරන්නේ නැතුව පුපුරා ගත්තානේ... අවාසනාව කියන්නේ මේ දැන් ඉන්න දේශපාලකයින් වෙනුවට කිසිම විකල්පයක් පේන තෙක් මානයක නැති වීමයි...
ගොඩක් ඉස්සරත් කිව්වා වැටෙන්න ලඟයි කියලා...
බලයට සහ තනතුරු සදහා දේශපාලනය තෝරා නොගන්නා ලංකාවේ දේශපාලන දිසානතිය වෙනස් කිරීමට අවස්ථව පැමිණ තිබෙනාවූ මොහොතේ කැපවන අරමුණක් සහිත අවංක අලුත් කණඩායමක් තෝරා ගතහොත් රටේ ජනතාව අති බහුතරයක් ඒ සදහා සහයෝගය දක්වනු ඇත. වර්තමාන දේශපාලනය රටේ ජනතව ප්‍රතික්ෂේප කරමින් සිටින මොහොතක ජනතවගේ ඉල්ලීමට සවන්දෙමින් ඔවුන් දැනුවත්කර රටේ දේශපාලනය පුර්ණ වෙනසකට ලක්කළ යුතුවේ. විශේෂයෙන්ම රටේ දේශපාලනයට කාන්තවන් වැඩි පිරිසකටද අවස්ථවන් ලබාදිය යුතුවේ. නිතර නිතර voice cut ලබාදෙන කණඩායම් නොව බුද්දිමත් දැනුමක් තිබෙන පිරිසක් ඉදිරියට ගැනීම වැදගත්වේ. වෙනසක් සදහා රට ගමක් කරන මොහොතේ එම වෙනස වෙනුවෙන් නිසි මාවත සකස් කරලීමේ පුර්ණ දැනුම, ඒ සදහා දුර පෙනීම සහ වගකීම තිබෙනුයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වේ.
ලංකාවේ වර්තමාන දේශපාලනය ක්‍රමවේදය වෙනස් කිරීම සදහා පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට සුදුසු කණ්ඩායම වන්නේ: ලංකාදීප සහ daily mirror මගින් සමීක්ෂණයක් කල හැකිද ? 1. ජනතව පාර්ලිමේන්තුවට පත්කළ යුතුවන්නේ අවංක සියලු ජාතින් නියෝජනය කරන්නාවූ අලුත් බුද්දිමත් කණඩායමක් සුදුසුවේ 2. වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරනාවූ දේශපාලකයන් කණඩායමම සුදුසුවේ 3. වර්තන්මන පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නවකයන් එක්වූ කණ්ඩායමක් සුදුසුවේ 4. එක දේශපාලන පක්ෂයකට පමණක් බලය ලබාදිය යුතුවේ.