
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයට මඩ ගහන්නට ආණ්ඩුව විසින් පත්කර තිබෙන මඩ බලකායට පඩි ගෙවන විට ඔවුන් හරියට හරියට "ජොබ් එක" කරලාදැයි හොයා බලා පඩි ගෙවන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්මේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
තමා රටෙත් නැති මොහොතක තමා පැවසුවා යැයි කියා බොරු කතාවක් ආණ්ඩුවේ මඩ ෆේස්බුක් පිටුවක පළ කර තිබෙන බව කී මුජිබුර් රහුමාන් මහතා මෙලෙස අතේ පත්තුවෙන බොරු කියන අයට පඩි ගෙවීම අපරාධයක් බව ද සඳහන් කළේය.
තමා මේ මොහොතේ සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී වීම සඳහා රටින් බැහැරට පැමිණ බව කී රහුමාන් මහතා විරුද්ධ පක්ෂයේ සිටින අයට ආණ්ඩුව විසින් මඩ ගහන්න භාවිතා කරන හොර ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් තමා නොකියූ දෙය සඳහන් කර ප්‍රචාරයක් යවා තිබෙන්නේ යැයි කීය.
"ඔබතුමාලගේ ආණ්ඩුව රැක ගන්න ඔබතුමාලා මුදල් වියදම් කරලා පඩි ගෙවලා මඩ ගහන බොරු වපුරන ෆේස්බුක් ගිණුම් ගණනාවක් තිබෙනවා.ඒ ෆේස්බුක් කරන අයට පඩි ගෙවනකොට හොයලා බලලා ගෙවන්න.
මම රටෙත් නැති වෙලාවෙ මම කිව්වා කියා ප්‍රවෘත්ති පළ කළ විට ඒවා අතේ පැලවෙන බොරු බවට පත්වෙනවා. ඒ සල්ලි අපරාදෙ .ඔබතුමාලා ආවේ ඵලදායිතාව ඇති කරන්න නේ.ඒක නිසා මේ මඩ බලකායට පඩි ගෙවන කොට ඔවුන් හරියට ජොබ් එක කරනවද කියලා හොයලා බලලා පඩි දෙන්න.
ඔය මඩ බලකාය කරන්නේ තමුන්නාන්සේලාටත් බොරුවයි. තමුන්නාන්සේලාගෙන් පඩි ගන්න අපි මොකක් හරි කිව්වා යැයි බොරුවක් දාලා අන්තිමට ඒක අතේ පත්තු වෙනවා.
මම ජනාධිපතිතුමාට කියන්නේ අපරාදෙ ඔබතුමාගේ මුදල් වියදම් කරන්න එපා යැයි මුජිබුර් රහුමාන් මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාම නේ මේ කියන්නේයි කරන්නේයි.. වෙන කාටවත් කරන්න දෙයක් නෑ. අපිට තේරෙන හැටියට, අපිට වැටහෙන එකම දේ ඔයාට ඔයා ගැන නිවුස් මදි කියන එක...
ආණ්ඩුවේ මඩ බලකායත්, හේදුම් කණ්ඩායමත් මොනතරම් දහිරිය දැමුවත් දිනපතාම පාහේ හත්පොලේ ගා ගන්නා ආණ්ඩුවේ මඩ සහ වසුරු සෝදා හැරිය නොහැක. බොරු කීම ඉතා දක්‍ෂ ලෙස සිදු කිරීම පමණක් දන්නා ජනාධිපතිතුමා තමුන්ගේ අගමැති සහ ඇමති මණ්ඩලයත් මන්ත්‍රීවරුනුත් සිදු කරන නා ගැනීම් ඒ අයුරින්ම නොකරතත් ඔහුගේ කතාවලත් ඇත්තේ නොමේරූ ළදරු බවය. ක්‍රියාවන් ද අඳබාල ය. නාමල් රාජපක්‍ෂ කොට කලිසමක් හැඳ මැරතන් එකක් කළ විට එතුමා ද එය කරන්නට පටන් ගැනීමම විසුලු සහගතය. මහින්ද මහතා මෙන් දරුවන් වඩා ගැනීමත්, දෙපස එක්රැස් වන නරඹන්නන්ට ආචාර සමාචාර කිරීමත් රට හිනස්සනසුලුය. කෙසේ වුවත් මඩ බලකායට පඩි ගෙවීමට පෙර ඔවුන්ගේ රාජකාරිය හරියට ඉටු කර ඇද්දැයි සොයා බලන්න යන මුජිබර් මහතාගේ යෝජනාව සලකා බැලීම ආංඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකරය.
ආණ්ඩුවට මොකටද මඩ බලකායක්...? ඔහෙලගේ මඩ බලකාය නම් අන්තිම සවුත්තුයි. ආණ්ඩුවට ගහන ගහන මඩ වදින්නේ ඔහෙලට...
එතකොට ඔබලාගේ මඩ බලකාය වැඩ නේද? නුඹලා මේ රටට ශාපයක්...
නිකම් පොරක් වෙන්න දැගලුවාට ඔයාට, NPP එකත් එක්ක හැරෙන්න වත් බහැ. ඔබත් දැන් දේශපාලන අනාථයෙක් වෙලා ඉවරයි.
ඒකනේ !... තමුනැහේලාට තැන තැන ගිහිල්ලා කෙදිරි ගාන්නත් වෙලා තියෙන්නේ... නේද මුජිබර්..?
මැක්ස් මොලේ ගොමද?
මඩ ගහන්නේ කව්ද කියන එක අපි කාලයක් තිස්සේ බලාගෙන හිටියා. තමුන් බලාපොරොත්තු වෙච්ච දේවල් ඉටු නොවෙන්න ඇති. සමහරුන්ට ඇත්ත තිත්ත වෙන්න පුළුවන්...
අනේ පව්, ඔයත් රාජපක්ෂලා වගේමයි.