(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනීයකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් සිදුවූ වාචික සහ මානසික හිංසනයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කරවන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද (24) කීවාය.
වල් පැළ ගලවලා මල් පැළ හිටවනවා කිව්වත් ආණ්ඩු පක්ෂයේ සමහර නියෝජ්‍ය අමාත්‍යවරුන් කාන්තාවන් ගිලගන්න බාදුරා මල් හා සමාන බවද චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවැසුවාය.
කිරිඇල්ල මහත්මිය මෙසේද කීවාය.
පාර්ලිමේන්තුව ඇතුළේදී මෙන්ම පාර්ලිමේන්තුවේ පිටතදී කාන්තා හිංසන රාශියක් පිළිබඳව අපට දැනගන්නට ලැබෙනවා.කාන්තාවන් ගෙදර සිට බස් රථයෙන් වැඩ බිමට යන විට නොයෙකුත් කායික මානසික හිංසනවලට ලක්වෙනවා.ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනියකට මෙවැනි වාචික සහ මානසික හිංසනයකට ලක්වීමට සිදුවුණා. වල් පැළ ගලවලා මල් පැළ හිටවනවා කිව්වත් ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර නියෝජ්‍ය අමාත්‍යවරු කාන්තාවන් ගිල ගන්න බාදුරා මල් හා සමානයි.මොවුන් වටේ කැරකෙන බඹරුන් හා සමානයි.
මමත් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදනිය සමඟ සිටියා.ඒ අවස්ථාවේ එම මාධ්‍යවේදනියට ලොකු හිංසනයකට ලක්වීමට සිදුවුණා.එහිදී එතුමියට ලොකු මානසික පීඩාවක් විඳින්නට සිදුවුණා.මා ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මා අගමැතිතුමියගේ අවධානයට යොමු කරනවා.
ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරියන් සම්බන්ධයෙන් සිදුවන හිංසනයන් පිළිබඳවත් අගමැතිතුමියගේ අවධානය යොමු කළොත් හොඳ යැයි මා මෙහිදී සඳහන් කරන්න කැමතියි යනුවෙන්ද චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමා ජෙප්පන් ඉහළම සිට පහළම සාමාජිකයා දක්වා අසාමාන්‍ය ලිංගික අසහනකාරයෝ. සමාජ මාධ්‍යවල කුණුහරුප වපුරන්නේත් ඒ නිසා වෙන්න ඕනෑ. මොවුන් සංස්කෘතියට වෛර කරන්නෙත් ඒකයි.
මේ වගේ සිද්ධියක් වෙලත් මට පුදුම මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනි ඉන්නවා කියන නිදහස් මාධ්‍ය සංවිධාන වලින් කිසිම උද්ඝෝෂණයක් හෝ නිවේදනයක් වත් නැති එක...
මොන කෙහෙල්මලකට පාර්ලිමේන්තුවට ආවද?
මෙයාගේ පියා පාර්ලිමේන්තුවේ අවුරුදු 20 කට වැඩි කාලයක් හිටියා... ඒත් අපිට මතක විඳියට රටට තඹ දොයිතුවක දෙයක් නම් කලේ නැහැ. හොඳට හම්බ කරගෙන රනිල් ගොයියාට එහෙයි කියාගෙන රට අනාථම කරලා දැම්මා. මේ රටට වෙච්චි දේවල් බැලුවාම අපි තුන් වේල කාල ඉන්න එකත් පුදුමයක්. අද යන්තම් මාලිමා රජය අපිට හුස්මක් ගන්න ඉඩ දීලා තියෙනවා. ඒකට ගොඩාක් පින්...
ඕක කියන්නද ඔබ පාර්ලිමේන්තු ආවේ ?
කලින් ආණ්ඩු මාධ්‍යවෙදීන්ව උස්සලා, මැරුව බව මෙතැන කොටන බොහෝ දෙනෙකුට අමතකයි.
NPP උන් කොටයි
ජෙප්පෝ ඔක්කොටම ඇරියස් තියෙන්නේ. මෙතැන කඩේ යන ඩෝබිලා සිදු වූ දෙය සාධාරණීකරණය කරන්න කොච්චර ට්‍රයි කරනවද ? ඔයිට වඩා හොඳයි
කෝ දැන් කාන්තා අයිතිවාසිකම් කතා කරන පච මල්ලි?
පෙරේරා, නියමයි ඔයාගේ අදහස. කලින් ආණ්ඩුව එහෙම කළ නිසා දැන් ආණ්ඩුව වාචික හිංසනය කරාට කමක් නෑ. අපි ඔයාගේ පවුලෙන් පටන් ගමු .එහෙනම් එකඟද