(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගන්වන්න උත්සාහ කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුව පන්ති පහ පාස් නමුත් හය වසර ෆේල් බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය බිය ගන්වා තමන්ට ඕන දේ කරගන්න මෙම ආණ්ඩුව උත්සාහ කරන බව ද රාජපක්ෂ මහතා පැවැසීය.
රටේ නිතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් ආණ්ඩුවේ මර්දනයට යට වෙන්නේ නැති බවට තමාට දැඩිසේ විශ්වාස බවද නාමල් රාජපක්ෂ පැවසීය.
නෙළුම් මාවත කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැලරිය චූන් කරකර ඉන්න රටට වැඩක් කරන්න එපා.
යකෝ 6 වසර පොතේ එක අකුරක් අල්ලාගෙන මෙයා මැක්කා දාන හැටි. මේ මිනිස්සු මහා කරුම මේ රටට...! මම මොහුට e -mail එකක් දැම්මා. අනික් වැරැදි තියෙනවා නම් පෙන්වලා රිපෝර්ට් එකක් ආණ්ඩුවට දෙන්න කියලා. දුන්නාද දන්නේ නැහැ. මොකෝ මේක ආණ්ඩුව - විපක්ෂය කඹ අදින තරඟයක් නොවේ. කෝවිඩ් වලට අහුවෙලා, ආර්ථික අවපාතයට අහුවෙලා. ගොඩක් මානසිකව තැලුණු පොඩිවුණු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන අධ්‍යාපන ප්රතිසංස්කරණයක්. මේ වනවිට පෙන්වලා තියෙන වැරදි, ලෙහෙසියෙන් නිවැරදි කළ හැකි දේවල්. තියෙනවා නම් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ තරම් අවස්ථා තියෙනවා මේ වැඩසටහනට....