(විනීතා එම් ගමගේ)
නව අගමැතිවරයෙක් පත් කරමින් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින යෝජනාවක් ගෙන එන්නැයි ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
එසේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට යෝජනා කරන්නේ නම් තම පක්ෂය ද දෑතම ඔසවා අනුමත කරන බවද හෙතෙම කියා සිටියේය.
එසේ මැතිවරණයක් තැබුවහොත් පත් කරන්නේ කවුදැයි මහජනතාව තීරණය කරනු ඇති බවත් ඒ ජනවරම ලබන්නට කැමති නම් විසුරුවා හරිමු යැයි තමන් කියන බවත් සමරවීර මහතා කීය.
ජනාධිපතිතුමන් විසින් නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම හා පාර්ලිමේන්තුව කල් තැබීම ගැන ඝෝෂාවක් පවතින බවත් එම ඝෝෂාවේ පෙර ගමන්කරුවන් ජවිපෙ බවත් ඔහු කියා සිටියේය.
රනිල් රකිමු යැයි ජවිපෙ පවසන්නේ යැයි කී සමරවීර මහතා පසුගියදා කැඳවා තිබු පක්ෂ නායක රැස්වීමට ගිය ජවිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා අගමැති පත් කිරීම ව්‍යවස්ථා විරෝධි, සදාචාර විරෝධී යැයි එහි දී කියා සිටි බව ද පැවසීය.
2001 දෙසැම්බර් පස් වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපය ආසන 109 ක් දිනද්දි පොදුජන පෙරමුණ ආසන 77 ක් දිනා තිබු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව අනෙක් කුඩා පක්ෂවල උපකාරයත් ඇතිව සකස් කළ බව ද එදා රනිල් අගමැති වූ එම ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු 132 ක් සිටි බව ද සිහිපත් කළේය.
ඒ ආණ්ඩුව ප‍්‍රභාකරන් සමඟ රට පාවාදීමේ ගිවිසුමකට අස්සන් කළ බව සිහිපත් කළ මන්ත‍්‍රීවරයා එදා එක පැත්කින් ගිවිසුම හරහා ස්වයංපාලන ආණ්ඩුවක් ඇති වෙමින් පැවැති බවත් වෙනම පොලිසි පවා හැදුණු බවත් පැවසීය.
එකී රජය රටේ දේපොල විකිණිමට කටයුතු කරමින් තිබුණු බවත් ඒ වෙලාවේ රටේ මහා උද්ඝෝෂණයක් දියත් කළේ ජනතා විමුක්ති පෙරමුණ බවත් පැවසූ සමරවීර මහතා ඒ සෝමවංශ අමරසිංහ ගේ නායකත්වයෙන් යුත් ජකතා විමුක්ති පෙරමුණ යැයි ද කියා සිටියේය.
රට විකුණන ගමන නවත්වන්නැයි කළ ඉල්ලීම අනුව එවකට ජනාධිපතිනිය විධායක බලතල භාවිතා කරලා 2004 පෙබරවාරි හයවැනිදා මන්ත‍්‍රීවරු 132 කකගේ සහය ලැබෙමින් තිබු රජය විසුරුවා හැරි බවත් නැවත මහ මැතිවරණයක් කැඳවනු ලැබුයේ ඒ අනුව බවත් කී මන්ත‍්‍රීවරයා ඒ බලතල පවරා ගන්නකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දැයි ප‍්‍රශ්න කළේය.
එදා විධායක බලතල භාවිත කරලා පවර ගන්නා විට ප‍්‍රජාතන්ත‍්‍රවාදි නම් ව්‍යවස්ථානුකූල නම් අද තත්ත්වය ව්‍යවස්ථානුකූල නොවන්නේ මන්දැයි හෙතෙම විමසා සිටියේය.
අද පවතින්නේ අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ බවත් අද පක්ෂය ඔළුවෙන් හිටවා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව මැතිවරණයක්.... නව ආණ්ඩුවක්... අගමැතිට කැමැති නැත්නම් ආයේ බාල්දියක්... අලුත් මැතිවරණයක්. එහෙමද? මහමැතිවරණය නොව ජනාධිපතිවරණයක් පළමුව යෝජනා කරන්න. නැත්නම් පාර්ලිමේන්තුවට පැවැත්මක් නැත...
ජනතාවනි,කරුණාකර අන්තර්ජාලයේ සත්‍ය හඬපටවල තිබෙන දේ වටහා ගන්න.
මේ මහත්තයෝ, ඔහෙලට ඕන ඕන විදිහට කටයුතු කරන්න බැහැ. අනිත් එක ඔහේ කවුද කියලා අපි දන්නවනේ!
ආණ්ඩුව විසුරුවා හරින්න යෝජනා ගේන්න.. පාලිමන්ට් එක රැස්වෙන්න එපාද?
රනිල්ගේ මාමා හදපු විධායක බලයෙන් වැඩිපුරම බැටකන්නේ රනිල් වුවද, ඒ විධායක බලය චන්ද්‍රිකා 2004 දී පාවිච්චි නොකලා නම්, මෙලහකටත් ස්වයං පාලනයක් එල්.ටි.ටි.ඊ ත්රස්තවාදීන් හට ලැබෙන්නට තිබිණි. මොකද ඒ වනවිටත් හමුදාවන් කඳවුරු වලට සීමාකර නෝර්වේ සත්කාරයෙන් යුතුව උතුරේ පාලන බලය එල්.ටි.ටි.ඊ යට දෙන්නට පිඹුරුපත් සකස්කොට අත්සන්ද යෙදීය. රටේ වාසනාවකට එදත් ජනපති ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ විය.
පාර්ලිමේන්තුව වහලා තියෙද්දී ආණ්ඩුව විසිරුවන්න යෝජනා ගේන්නේ ඇයි