(නිමල කොඩිතුවක්කු)
දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකිව ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙමින් තිබියදී ජනතාව මුළා කිරීමට ආණ්ඩුව විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.
ජනතාවට පොරොන්දු වු පරිදි හැකිනම් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආණ්ඩුවට අභියෝග කරන බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු මහ මොළකරුවන් අල්ලනවා කියලා එදා ඡන්ද පොරොන්දු ලබාදෙමින් බලයට පත්වුනා. අද වෙනකොට ඒක කරගන්න බැරි තත්වෙකට ආණ්ඩුව පත් වෙලාද එහෙම නැත්නම් කරන්න උවමනාවක් නැද්ද කියන ප්රශ්නය සමාජය තුළ කතා බහට ලක්වෙලා. අද වෙනකොට පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වෙලා දවස් දාහක් ගතවෙලා.
සහරාන්ගේ කල්ලියේ ප්‍රධාන සැකකාරිය විදියට වැඩ කරපු සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් කියන කාන්තාවෝ අල්ලා ගැනීම සඳහා වූ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත ගැන තවම පැහැදිලි නැහැ. එකක් තමයි ජනාධිපතිතුමා ගේ කොමිෂන් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා සාරා තවම ජීවතුන් අතර ඉන්නවා කියලා. ආණ්ඩුව ජාත්‍යන්තර පොලිසියට දන්වා තිබෙනවාද ඇය අත්අඩංගුවට ගන්න උදව් කරන්න කියලා අපි අහන්න කැමතියි.
සහරාන් එක්ක ළඟ සිටිය සාරා කියන ඒ කාන්තාව අල්ලා ගන්න හැකි වුනොත් මහමොළකරු ඉඳන් උදව් කරපු ශක්තිය දුන් අවි ආයුධ ලබාදුන්නු පුපුරණ දව්‍ය ලබාදීපු බෝම්බ තියන්න උගන්වපු සියලු අය සොයාගන්න පුළුවන් නමුත් ඒ කාන්තාව අල්ලගන්න ක්‍රියාපිළිවෙත මන්දගාමීව තමයි යන්නේ කියලා අපට පේනවා. මේ රටේ පහුගිය කාලේ එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා පිළිවෙත සිදුවෙන කොට ඒවට සම්බන්ධ වෙච්ච අයගේ ඡායාරූප හැම පොලිස් ස්ථානයකම තිබුණා. නමුත් සාරා ගේ ඡායාරූපයක් කිසිම දැන්වීමක දාලා නැහැ. ආණ්ඩුවට ඕනෑකමෙන් සාරා අල්ලා ගැනීමට මගහරිනවා ද කියන ප්රශ්නය අපට මතුවෙලා තියෙනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලගෙ ජනප්‍රියතාවය දිනෙන් දින වැඩි වෙනවා කියලද හිතාගෙන ඉන්නෙ?
ඒ කියන්නේ ඔය ගොල්ලො ජනප්‍රිය වෙනව කියන එකනෙ. ජනප්‍රිය වෙන්න ඕන නම් පාර්ලිමේන්තුවේ කෑම එක නොකා ගෙදරින් කෑම අරගෙන යන්න.උපරිම ලක්ෂ 50 ක පමණ වාහනයක් ගන්න.කොච්චරක් දේවල් තියෙනවද ජනප්‍රිය වෙන්න ඕන නම්.
සහතික ඇත්ත.... නානගේ කතාව මසුරන් කෙසේවෙතත් ඌරු මාංශ වලටත් වඩා වටිනවා.. මේ කියන්නේ ආණ්ඩුවේ "හරකුන්" දවසින් දවස "ජන අප්‍රිය" වෙනවා විපක්ෂයේ "මීහරක්" වන අපි දවසින් දවස ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණෙනවා කියලානේ.. අනේ නුඹලා වගේ මලපෙරේත මන්ද බුද්ධිකයින් 226ක්...
ඒත් ඒකෙ වාසිය ගන්න විපක්ෂ යේ කාටවත් තවමත් හැකිවී නැහැ. එනිසා නැවත මේ රජය වෙත එහෙම ඉවත්ව ගිය අය නැවතත් එකතු වීමේ ඉඩකඩක් තිබෙනවා .
ඒක ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න එපා.. ඒක ඒගොල්ලෝ බලාගනීවි. කොහෙවත් ඉන්න සුළු ජාතිකයෙකුටනේ ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ...
හතර අතේ කියව කියවා හොරු අල්ලන්නේ මොන රටේද මන්ත්‍රීතුමා..?
ඒ වුණාට මහත්මා ගුණය ඇති දූෂිත නැති අවංක නායකත්වයක් තමයි මේ යුගයට ජනතාවට අවශ්‍ය... ඉස්සර වගේ අරයා හොඳ නැහැ.. මෙයාට කියන සංකල්පය පැරණි එකක්...