IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය සියයට 10යි

 

(යොහාන් භාසුර)

‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසයේ ප්‍රතිඵල අනුව වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාවලියට ජනතාවගේ අනුමැතිය සියයට 10 ක් බවත් රටේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ තෘප්තිය සියයට 7ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය පසුගිය (2022) ජනවාරි මාසයේ පැවති අතිශය පහළ මට්ටමක වුවද එය ජූනි මාසයේ සියයට 3 ක් දක්වා ඉහළ ගොස්තිබූ බවත් රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ ද? යන්නත් මෙම ජනමත විමසුමේදී, අවධානයට ගෙන තිබෙන අතර, ඔක්තෝම්බර් මාසයේ එය සියයට 7 ක් බවට පත්ව තිබෙන බවත් එම ආයතනය කියයි.

ආර්ථිකය ගැන විශ්වාසය කර තිබෙන ඇගයුමේ දී, ජූනි මාසය සඳහා එම අගය සෘණ 77.9 ක ක් වූ බවත් මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප්‍රශ්න භාවිතා කළ බවත් එම ආයතනය සඳහන් කරයි.  

ජනමත විමසුමට ලක්කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය රට පුරා ජනතාව නියෝජනය කරන නියැදියක් හරහා රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවන ලෙස සමීක්‍ෂණය ක්‍රියාත්මක කළ බවත් වෙරිටේරිසර්ච් මේ සඳහා භාවිතා කළ කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1018 ක නියැදියක්  නියෝජනය කළ බවත් වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) සමගම කියයි.



අදහස් (4)

ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය සියයට 10යි

Sunil Monday, 31 October 2022 03:30 PM

මේ ගණන් කියවෙන විට මගේ මතකයට නැගෙන්නේ ඉස්කෝලේ යන කාලේ මගේ වාර්තා පොත.. ඒකෙත් මගේ ලකුණු තමයි තිබුණේ... අයවැයෙන් පසු ඔය 10න් 1 මැකිලා යයි..

:       1       7

fairoos Monday, 31 October 2022 05:03 PM

ඒ කියන්නේ මේ ආණ්ඩුවට කඩේ යන තවත් බයි වහල්ලු ඉන්නව කියන එකනේ.

:       0       5

Akila Monday, 31 October 2022 06:10 PM

දැන් මේවා රනිල්ලා එහෙම දැක්කාම ඉදිරියේදී මැතිවරණ කියන ජාතිය නැතිවෙලාම යයිද...?

:       0       2

සුනිලානන්ද Tuesday, 01 November 2022 06:49 AM

ඔය සමීක්ෂණය කලේ සජබ ජාජබ හා පෙරෙට්ටුවෝ අතර පමණක්ද නැත්නම් ඔහොම වෙන්නම බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site