(යොහාන් භාසුර)
‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසයේ ප්‍රතිඵල අනුව වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාවලියට ජනතාවගේ අනුමැතිය සියයට 10 ක් බවත් රටේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ තෘප්තිය සියයට 7ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය පසුගිය (2022) ජනවාරි මාසයේ පැවති අතිශය පහළ මට්ටමක වුවද එය ජූනි මාසයේ සියයට 3 ක් දක්වා ඉහළ ගොස්තිබූ බවත් රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ ද? යන්නත් මෙම ජනමත විමසුමේදී, අවධානයට ගෙන තිබෙන අතර, ඔක්තෝම්බර් මාසයේ එය සියයට 7 ක් බවට පත්ව තිබෙන බවත් එම ආයතනය කියයි.
ආර්ථිකය ගැන විශ්වාසය කර තිබෙන ඇගයුමේ දී, ජූනි මාසය සඳහා එම අගය සෘණ 77.9 ක ක් වූ බවත් මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප්‍රශ්න භාවිතා කළ බවත් එම ආයතනය සඳහන් කරයි.
ජනමත විමසුමට ලක්කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය රට පුරා ජනතාව නියෝජනය කරන නියැදියක් හරහා රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවන ලෙස සමීක්‍ෂණය ක්‍රියාත්මක කළ බවත් වෙරිටේරිසර්ච් මේ සඳහා භාවිතා කළ කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1018 ක නියැදියක් නියෝජනය කළ බවත් වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) සමගම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගණන් කියවෙන විට මගේ මතකයට නැගෙන්නේ ඉස්කෝලේ යන කාලේ මගේ වාර්තා පොත.. ඒකෙත් මගේ ලකුණු තමයි තිබුණේ... අයවැයෙන් පසු ඔය 10න් 1 මැකිලා යයි..
ඒ කියන්නේ මේ ආණ්ඩුවට කඩේ යන තවත් බයි වහල්ලු ඉන්නව කියන එකනේ.
දැන් මේවා රනිල්ලා එහෙම දැක්කාම ඉදිරියේදී මැතිවරණ කියන ජාතිය නැතිවෙලාම යයිද...?
ඔය සමීක්ෂණය කලේ සජබ ජාජබ හා පෙරෙට්ටුවෝ අතර පමණක්ද නැත්නම් ඔහොම වෙන්නම බැහැ