
(නිමල කොඩිතුවක්කු)
නත්තලට පෙරාතුව තෙල් මිල ඉහළ නංවා නත්තල් තෑග්ග ලබාදුන්න ආණ්ඩුව, අලුත් අවුරුද්දට පෙරාතුව කිරිපිටි මිල ඉහළ නංවා අවුරුදු තෑග්ග ද ජනතාවට ලබා දුන් බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොරොන්දු කන්දක් ලබා දී බලයට පත් වූ ආණ්ඩුව තමන්ට ඡන්දය ලබා දුන් හැට නම ලක්ෂය ඇතුළු සමස්ත ජනතාවම අනතුරට පත් කර ඇති බවත් ව්පක්ෂ නායකවරයා සඳහන් කළේය
”සක්වල” වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය ලෙස රුපියල් අටලක්ෂ හැත්ත හය දහස් එකසිය පනහක් වටිනා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ තණමල්විල බෝදාගම මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
”කොරෝනා වසංගතය මධ්‍යයේ විවිධ අභියෝග එල්ල වුවත් විපක්ෂය ලෙස අප විශාල කාර්යභාරයක් ඉටු කරනවා. විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ දිවයිනේ රෝහල් රැසකට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කිරීමට අපි කටයුතු කළා. කඩා වැටී ඇති අධ්‍යාපනය නගා සිටුවීමින් ශක්තිමත් දරු පරපුරක් බිහි කිරීම සඳහා අපි අද මෙම වැඩසටහන හඳුන්වා දෙනවා.
විපක්ෂය හැටියට අපි මෙවැනි වැඩ කොටසක් ඉටු කරද්දී ඊට සාපේක්ෂව ආණ්ඩුව වෙතින් සිදුවන කටයුතු පිළිබඳව ඇත්තේ බරපතළ කනගාටුවක්. නත්තලට පෙරාතුව තෙල් මිල ඉහළ නංවා නත්තල් තෑග්ග ලබාදුන්න ආණ්ඩුව, අලුත් අවුරුද්දට පෙරාතුව කිරිපිටි මිල ඉහළ නංවා අවුරුදු තෑග්ග ද ජනතාවට ලබා දී තිබෙනවා. පොරොන්දු කන්දක් ලබා දී බලයට පත් වූ ආණ්ඩුව තමන්ට ඡන්දය ලබා දෙන හැට නම ලක්ෂය ඇතුළු සමස්ත ජනතාවම අනතුරට පත් කර තිබෙනවා.
රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ උනුත් එකයි මුනුත් එකයි කියා අද රටේ ජනතාව බොහෝ දෙනෙක් පවසනවා. හැබැයි උනුත් එකයි මුනුත් එකයි යන්න සමගි ජන බලවේගයට අදාල වන්නේ නැහැ. සමගි ජන බලවේගය යනු නූතනවාදී මානුෂීයවාදී නව දේශපාලන ව්‍යාපාරයක්. දක්ෂ තරුණ පිරිසක් සමග රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩනැගීමට අපි අපේක්ෂා කරනවා” යයිද ද විපක්ෂනායකවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
21 යනවා... 22 එනවා.. 22 දීවත් චාලි චැප්ලීන්... ගෙදර භූමිකාව රඟන්නේ නැතිව.. විපක්ෂ නායක භූමිකාව රඟනවාද?
මෙයා හිටියා නම්? අම්මෝ ශ්‍රී ලාංකිකයෝ මෙලහකට රජසැප විඳිනවා.
තෙල්මිල ඉහළ නංවා නත්තල් තෑග්ග, අලුත් අවුරුද්දට කිරිපිටි මිල ඉහළට අවුරුදු තෑග්ග.. සහතික ඇත්ත. මේ ආණ්ඩුව තව අවුරුදු 3ක් රට පාලනය කළොත්.. රට මොනතරම් දුක්ඛිත තත්වයකට යයිද? අද රටේ කිසිම ආණ්ඩු කරණයක් නැහැ. කන්ටේනර් දහස් ගණනක් වරායේ හිරවෙලා ඩොලර් නැතිව. ආණ්ඩුව කරන සෑම දෙයක්ම ෆේල්. 69 ලක්ෂයට කටඋත්තර නැති වෙලා දැන් හොයාගන්නත් නැහැ. කට ඇරියොත් මිනිස්සුන්ගෙන් ගුටිකන්න තමයි වෙන්නේ...
තාම කිරි බොනවාද? පොඩි එවුන් නැති හින්දා හොඳයි. ආණ්ඩුවෙන්ද කිරිපිටි ගෙන්වන්නේ?
සංඛ මහත්තයෝ, යහපාලන කාලෙදී තමුන් හිටියේ බිහිරි වෙලාද? හොරු කවුද කියලා සංඛ දන්නෙම නැහැ නේද? අඩුම තරමේ මහදවල් බැංකුවට ගේම දුන්නු එක ගැනවත්... ලැජ්ජයි හලෝ... !!!
ඔය විපක්ෂ නායකකම චාමිකට දුන්නා නම් පොඩි බලාපොරොත්තුවක් හරි තියාගන්න තිබුණා..
උනුත් එකයි, මුනුත් එකයි අදාල නොවන්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ නොමැති කණ්ඩායමකට මිස ඔබලාට නම් නොවේ... විපක්ෂ නායක ජනතාව ඉදිරියේදී ප්‍රශ්නයක් අසා පිළිතුරත් ඔහු විසින්ම ලබාදීමේ නොදියුණු දේශපාලනයක යෙදී සිටියි. මගෙන් මිතුරකු විමසුවහොත් නොමිලයේ සවාරියක් යන්න ගුවන් යානයක් දෙන්නද කියා, මම එපා කියනවා. සජිත් වෙනත් කෙනෙකු ලවා ප්‍රශ්න අසවාගෙන පිළිතුරු දෙන්න. බොළඳ වැඩ නොකර. එවිට අනාගතයේ නායකකම් කෙසේවෙතත් අඩුම වශයෙන් ඇමතිකමකට හෝ සුදුසුකමක් ලැබේවි...!
ඔබතුමා හොඳ කෙනෙක් වෙන්න ඇති. හැබැයි බලයට ආපු ගමන් ඔබතුමාටත් නරක කෙනෙක් වෙන්න වෙනවා. මොකද කිව්වොත් සැබෑලෙස ජීවන වියදම අඩු කරන්න මුළු රටකම මැති ඇමැතිවරු, නිලධාරි අපේ යාන්ත්‍රණය බොරුවෙන් පිරුණු බව පිළිගත යුතුයි. අපේ රටේ කුලීවැඩ කරන කෙනෙක්ට ගෙවිය යුතු ගාන ගෙවලා ලෝක වෙළඳපළට තේ යවන්නත් දැන් දැන් අපහසු වෙලා. ඔබතුමා ‘ජනතාවට සහන සලසන්නම්’ කියනවා වෙනුවට ‘අපි එකතුවෙලා හැම හොරකමක්, නාස්තියක්ම වළකමු’ කියලා කාර්යක්ෂම යුක්තිය පසිඳලීමේ පද්ධතියක් ඇතිකොට සියළු දූෂණ, පැමිණිලි ඉතා වේගයෙන් විභාග කළා නම් සහන ඕනේම නෑ. බහුතර ග්‍රාමීය ලාංකික ජනතාව සහන හිඟාකන්නේ නෑ. සැබෑ හිඟන්නන් සහ මංකොල්ලකාරයින් ජනතාවගේ දේ කොල්ල කනවා. ඒවා වළක්වන්න ගියොත් තම පක්ෂයේ ඉන්න අයත් ඔබව නෙරපනවා. මොකද හැමෝම බලාගෙන ඉන්නේ තමන්ගේ කාලය තුළ උපරිම ගැරිල්ල කිරීමට... මෙය වෙනස් කිරීමට විශේෂ ජනතා බලයක් ඕනෑවෙයි. ඒත් විජය පරපුරේ අපට එය ඕනෙද කියා ගැටළුවක් තියෙනවා. මොකද අපි බහුතරයම හොරු වගේ… නේද?