මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය එක්ව ඊයේ (7 වැනිදා) නිකුත් කරන ලද ගැසට්පත්‍රය මගින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සතු සේවක අර්ථ සාධක අරමුදලින් විශාල බද්දක් අයකිරීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. සිය ෆේස් බුක් ගිණුමට වීඩියෝවක් එකතු කරමින් හර්ෂ ද සිල්වා මහතා එසේ ප්‍රකාශ කරයි.
“රුපියල් බිලියන 2 කට වඩා ලාබ තියෙන සියලුම සමාගම් වලින් 25% ක බද්දක් අයකරන බව කියනවා. මේකේ හංගලා, ඇතුළේ, අර්ථකතනයේ තියෙන්නේ, ඊ.පී.එෆ්. එක - ඒ කියන්නේ අර්ථ සාධක අරමුදලටත් - මේ බද්ද වදිනවා කියලා”
“අර්ථ සාධක අරමුදල කියන්නේ ලංකාවේ තියෙන ලොකුම අරමුදල. ඒකේ ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 3 ක් - රුපියල් බිලියන 3000 ක් - විතර වෙනවා. 2020 වසර සඳහා ඒකේ ලාභය රුපියල් බිලියන 250 ක් විතර වෙනවා. ඒකෙන් 25% ක් කියන්නේ රුපියල් බිලියන හැට දෙකහමාරක් (62.5 ක්) විතර”
“ජීවිතේ පළවෙනි වතාවට, ආණ්ඩුවක්, අර්ථ සාධකේටත් ගහල තියෙනවා” යයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිට ට්විටර් ගිණුමේද විශේෂ සටහනක් තබා තිබේ.
ආර්ථික න්‍යාය සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය රජයේ හිටපු රාජ්‍ය ඇමතිවරයකු ද වෙයි. ඒ මහතා වර්තමානයේදී රාජ්‍ය මුදල් කමිටුවේ මෙන්ම කෝප් කමිටුවේද සාමාජිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික ඔස්තාර්... යහපාලනේ කාලේ කොහේද දන්නේ නැහැ හිටියේ? අනේද කියන්නේ..
එව්වා ඉතින් පොඩි පොඩි ගැහිලිනේ... මහ බැංකුවට ගහපු එක එක්කලා බලපුවාම...
හැමෝම එකතුවෙලා පොර ටෝක් දදා ඉන්නේ.එකෙක්වත් නෑ රට බේරා ගන්න උසාවියට යන්න වත් .එහෙම නැත්නම් ජනතා පෙළගැස්වීමක් වත් කරනන
රජය කරන්නේ අර්ථ සාධක මුදල ආයෝජනය කර උපයන මුදලින් බදු ගැනීමයි. ඒ මුදල යොදවන්නේ රටේ ප්‍රයෝජනයට... ඔහෙලා කලේ පෞද්ගලික කම්පැණියකට ලාබ උපයන්න අර්ථසාධක මුදල මංකොල්ල කෑමයි. ඔහෙලාගේ කාලේ සිද්ද වුණු බැංකු කොල්ලයේ එක කොටසක් ඒ මංකොල්ල කෑම... අපේ රටේ සිද්ද වුනේ, වෙන්නේ මොනවද කියා දන්නවා.
රටේ ඉන්න ගොන් හරක් ජනතාවට තේරෙනවද දන්නේ නැහැ මේ කරන සාහසික හොරකම... අපි දුක් විඳලා හම්බකරලා, එකතු කරන අර්ථසාධකේ ආණ්ඩුවෙන් මංකොල්ලකන්න යනවා කිව්වොත් වත් තේරෙයිද මන්දා...!
බමුණා වගේ වහල්ලුන්ට මේවා කියලා වැඩක් නෑ...