(ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය දෙකඩ කිරීමටත් එම පක්ෂයේ සාමාජිකයින්ව මිලදී ගැනීමටත් වත්මන් ආණ්ඩුව උත්සහා කරමින් සිටින බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය .
මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ පිරිසක් ආණ්ඩුවට එක් කර ගැනීමේ උත්සහායක් පවතින බවට සිදුවන මාධ්‍ය වාර්තා පිළිබඳව ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කීය.
සිය සන්ධානය දෙකඩ කිරීමට උත්සහා කරන කිසිවෙකුටත් සමාව නොදෙන බවද ඔහු පැවසීය.
දෙමළ ජනතාව මෙය තත්ත්වය තේරුම් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ගනේෂන් මහතා සඳහන් කළේය. එබැවින් මෙරට ජනතාව මෙන්ම විදෙස්ගතව ජීවත් වන දෙමළ ජනතාවත් තමන්ව තේරුම් ගනු ඇතැයි විශ්වාස කරන බව පැවසු ගනේෂන් මහතා තමන්ට තවදුරටත් සහයෝගය ලබාදෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.
දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයට මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි මහජන පෙරමුණ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර පලනි තිගාම්බරම් මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කම්කරු සංගමය හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර වී . රාධාකි‍්‍රෂ්ණන් මහතාගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂ අයත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං විකාර කරන්නේ නැතිව ඉන්න හලෝ...
ගෙම්බන්, කටුස්සන්, "පලා පොළඟුන්" මිලයට ගන්නා මිනිසුන් හෝ රටක් අප නම් අසා නැත.
එ්කට හකීම්, රිෂාර්ඩ් සහ ඔවුන්ගේ ගෝලයෝ ටික පහසුවෙන් ගන්න පුළුවන්...
අපිට නම් පෙනෙන්නේ ඔය ආණ්ඩුවට පොඩි සංඥාවක් දෙනවා... ‘‘අපි විකුණන්න සූදානම්‘‘ කියලා...
එහෙම හරි ගන්නවා නම් හරි ආසා ඇති.
බොහොම හොඳයි.. මුදලට යන අය ඉන්නවා. වහාම පක්ෂ තහනමක් කරලා ඔබේ ජනතාවගේ ඡන්දයට වටිනාකමක් දෙන්න. ආණ්ඩුවේ ජනප්‍රිය තත්වය ගිලිහෙනවා. දෙමළ ජනයා රැවටීමට ගන්නා උත්සාහයක් මේ...
කීයකටද ගන්න යන්නේ..?
සල්ලි දීලාම ගන්න මරු බඩු ටික...
හලෝ ඔහෙලා සල්ලි එක්ක ආවත් මේ ආණ්ඩුව ඔහෙලව බාරගන්නේ නැහැ. අනික කවුරු කාගේ සල්ලි දීලද ඔහෙලාව ගන්නේ...?