(නිමල කොඩිතුවක්කු)
 
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ මෙන්ම  අනෙකුත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ ද සමඟ  නව වසර ආරම්භයේ සිට සාකච්ඡා ආරම්භ  කිරිමට රජය තීරණය කර තිබේ.


රජය මෙම තීරණයට  එළැඹ ඇත්තේ  එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර  පක්ෂ නායකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවෙන්  පසුවය.


අග‍්‍රාමාත්‍ය රනිල්  වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ හමුව කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.