
(අංජුල මහික වීරරත්න)
නුගේගොඩදී නොවැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මල් පාර පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවය.
අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අප
විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය. එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, “රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇතැයි නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති අතර, තවත් පක්ෂ වල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩක් නේ , හොරා කාල බංකොලොත් කරලා එලවපු උන් තමයි ජනතවට පොරොන්දු මතක් කරන්න එන්න ලෑස්ති වෙන්නේ
අරමුණ ඉතින් අපි දන්නවා
තොණ්ඩුව ටික ටික බෙල්ල වටේ හිර වෙනකොට කොයි කාටත් එක එක අරමුණු මතක් වෙනවා
මේ ලෑස්තිවෙන විරෝධතා වලින් කුමක් පෙන්නුම් කළත්, මේ රටේ බහුතර ජනතාව මේ රට බංකොලොත් කළ නාමල් ඇතුළු රාජපක්ෂ පවුලේම සහ පාලනයේ දූෂණය ඊටත් වඩා හොඳින් දන්නා කරුණකි. මොහුට ඇති බල පෙරේතකම සහ ඔහුට දේශපාලන අනාගතයක් නොමැති බව මෙම පුද්ගලයා තවමත් තේරුම් ගෙන නැත.
දීපු පොරොන්දු තියා මේ දවස්වල අයිස් කුමාරට උන් හිටි තැනුත් අමතක වෙලයි තියෙන්නේ. ඔලුවේ වැඩකරන්නේ ඩබල් කැබ් ටෙන්ඩර් මගඩිය ගොඩ දාගන්න හැටි වෙන්න ඕන.
එකම අරමුණ හිරේ යන්න වෙන නිසා ඊට කලින් ආණ්ඩු පෙරලන්න
අරමුණ පැහැදිලියි.. ඕකා එකතු වෙලා හරි හිරේ විලංගුවේ වැටෙන්නේ නැතුව ඉන්න එක
උබලා හරියට පොරොන්දු ඉටු කෙරුව එවුන්නේ, රට බංකොලොත් උනෙත් මම හිතන්නේ උබලා හරියටම පොරොන්දු ඉෂ්ට කෙරුව නිසා තමයි.
යම් රජයක් බලයටපත්වෙලෙ අඩුම තරමින් අව්රැදු 3ක් වත් එය කරන්න නොදී මුන්ටික නටන නැටිල්ලක්. මේ සේරම දගලන්නෙ උන්ට ආයෙ කවදාවත් මැති අමකිකම් නැතිව තමන්ගෙ මහන්සියෙන් උපයාගන සැපවින්නඩ බැරිවෙයි කියන සැකය නිසයි. මොකද මේතාක් උන් සැප වින්දෙ මහජන දේපල වලින්නෙ.
හොරු බේරා ගැනීමේ රැස්විමයි
මිනිස්සු කියන්නෙ නාමල් ගඳයි කියලා.. ඒවා මේවා හින්දා මල් වලටත් දැන් ඉල්ලුම අඩුයි.
බලං යනකොට වර්තමාන රජයට පාඩම් උගන්නන්න හදන්නෙ පහුගියකාලෙ දූෂණ මගඩි මිනීමැරුම් කල අයයි
ඔබ හරි. බලය නැතිවෙලා අන්තයටම පරාජය වුනාම විපක්ෂයේ එකමුතුව. බලය තියෙනවිට වෙනත් පක්ෂ ලගටවත් ගන්නේ නැතිව තනි පක්ෂයට බලය ලබාගැනීම. මේ දේශපාලන ආකෘතිය තමයි 1948 ඉදන්ම ක්‍රියාත්මකවුනේ.
ඉස්සෙල්ල කොල්ලො තමුන්ල මේ රටට දිපු පොරොන්දු ඉටු කලාද කියල අහපල්ලා. පල් හොරු රැල
රත්නවීර කොල්ලො ඔලුව අතගාල බලන්න අමුත්තක් දැනෙනවද කියල
රත්නවීරට අමු කැවිල පච කෙලින්න
රත්නවීර ගැන කනගාටුයි මේ කියන බහුභුත දැක්කම.
ජනතාවට බොරු පොරොන්දු දීලා,ටොම් පච ගහලා බලයට ඇවිත්,ඒවා ඉටු නොකර පව්ලේ උන්ව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවේ දූෂිතම පවුල් පාලනේ උන් මිසක් වෙන කවිරුවත් නෙවෙයි .හිතාගෙන ඇත්තේ අපේ රටේ ඉන්නේ ඇස් කන් නැති ,මැරිලා ඉපදුනු අය කියලද ?
, මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරලා රට විනාස කරපු ,මත්ද්‍රව්‍ය වලින් රට පෝෂණය වෙන්ඩ ඉඩ දීපු ,දේසපාලුවෝ හිරේට යන එකට බයවෙලා ,,ඒක නවත්වන්ඩ ගේමක් ගහන්ඩ හිතාගෙන,හොර පෙරකදෝරුවා , කරන වැඩ මේවා.සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ බලලෝබි බඩගොස්තරවාදියෝ අදිකරණයෙන් පවා වරදකරුවන් වෙලා හමාරයි .