(සුජිත් හේවාජූලිගේ, ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිසබයේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේදැයි අනිද්දා (29) තීරණයක් ගන්නා බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ජොන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවැසීය.
අමරතුංග මහතා මේ බව පැවසුවේ සංචාරක කර්මාන්තය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
ජොන් අමරතුංග මහතා මෙසේද කීය.
“ආණ්ඩුවට විරුද්ධව තවත් යෝජනා කිහිපයක් අනිද්දා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද තිබෙන්නේ අවජාතක ආණ්ඩුවක්. මේ අවජාතක ආණ්ඩුව කිසිම රටක් පිළි අරගෙන නැහැ. මහින්ද රාජපක්ෂට කිසිම රටක් සුබපැතුම් නොඑව්වේ ඒ නිසයි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට පිටරටවල සුබපැතුම් අනවශ්යයි සුවහසක් ජනතා සුබපැතුම් ප්රමණවත් ඔය කොයි පැතුමත් වඩා ජනතා පැතුම බලවත්!!!!!
අවුුරුදු තුනක් වාඩිවෙලා මොනවාද කළේ.