ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
ආණ්ඩු පක්ෂය අද (29) දිනයේත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව ඉදිකිරීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
අගමැතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිත අතර එය ව්‍යවස්ථා විරෝධී එකක් බවද ඇමැතිවරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී දැන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
ඡායාරූප - ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට රටත් ජනතාවත් වැටී සිටින තත්වෙ ගැන කිසි ගානක් නැහැ. බල තණ්හාව විතරයි
සදහටම නෑවිත් ඉන්න.... ඒකතමා කරන ලොකුම සේවය...
ව්‍යවස්ථා විරෝධි නෙවෙයි බහුතරේ නැති නිසා යන්නැහැ කියන්න.
මේ යෝජනවල් ව්‍යවස්ථා විරෝධීනම්, කලයුත්තේ පාර්ලිමේන්තු සභාවාරයට පැමිණ පරාජය කල යුතුයි. පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් පලක් නැහැ.
ලෝකයේ........ආණ්ඩුව පාර්ලිමේන්තු ව වර්ජනය කරනවා ඇසූ පළමු වතාව. ගිනස් වාර්තාවක් ද දන්නෙ නැ
අනේ පින් සිද්දවෙනවා රට වෙනුවෙන් කරන ලොකුම පරිත්‍යාගය .එන්නේ නැතුවම ඉන්න .
මහින්ද රට බේරාගැනීමේදී දුන් දේශපාලන නායකත්වය ගැන අදත් අපි මුළු හදවතින්ම ගරු කරනවා. හැබැයි, කෙළවරක් නැති හොරකම් මැරකම්, නීතිය කැලේට දැක්කීම, රටෙන් කොටස් සින්නක්රවම විදේශිකයන්ට දීම වැනි දේවල් වැරදි හැටියට නොදක ඉන්න තරම් අපි අන්ධ නැහැ. රනිල් ඉටුකළ කතාකරන්න නිදහස ලබා දීම, ටිකක් හරි නීතියේ ආධිපත්‍යය රැකදීමට උත්සාහ කිරීම වගේ දේවල් හොඳ හැටියට දකින අතරේ කෙළවරක් නැති දුෂණ වංචා මහජන මුදල් හොරකම්කිරීම වැනි දේ නොදක ඉන්න තරම් අපි අන්ධ නැහැ. මෙතනදී පාර්ලිමේතුව වර්ජනය කරමින් මේ කපටි රැල කරන්නේ තමන්ට බහුතරය නැති බව වහගන්න කරන ඇස් බැන්දුමක් බව නොපෙනෙන්න තරම් අපි අන්ධත් නැහැ.
ලෝක වාර්තාවක්නෙ යකෝ මේ තියන්නෙ. ආණ්ඩු පක්ෂය කවද්ද කොහේද යකෝ පාර්ලිමේන්තුව වර්ජනය කලේ?
ඔබලාට රටේ තිබුණ තැන අද නැතිකර ගෙන නේද කියල හිතෙන්නේ මට විතරද? දැන් බහුතරේ නැහැ කියල මුළුරටම දකිනවා, දැන් වත් මේ ජනතාවගේ මුදල් සහ අපේ රට අගාදයට අද නොදමා සාධාරණව මැතිවරණයකට යනවනම් කාට කාටත් හොඳක් වේවි.
ඔවුන් වර්ජනය කරලා නොවෙයි ........එදා පාර්ලිමේන්තුවට කල අපරාධයට ලැබී තිබෙන දඬුවමයි. තව ඉදිරියේදී මොවුන්ට ලැබෙන දඬුවම් බලාගන්න පුළුවනි .
පොහොට්ටු පක්ෂයේ උගත් , අත්දැකීම් බහුල, ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පැත්තකට වෙලා, විමල් වීරවංශ මහත්තයාව ඉස්සරහට දාලා ප්‍රකාශ ඉදිරිපත් කරවන්නේ, ඒ උදවියට රැක ගැනීමට ආත්ම ගෞරවයක්, නම්බුවක් තියන නිසයි .
විජේදාස ආන්ඩු පක්ෂයේ නෙවෙයිද?
ආණ්ඩු පක්ෂය වර්ජනය කරනවා කියල ඇහුවමයි. ඒ කියන්නේ ඇත්තටම ආණ්ඩුව මෙයාල නොවන බවනේ. විපක්ෂයනේ වර්ජනය කරන්න ඕනේ.
ඊළඟ ඡන්දෙදී සදහටම ගෙදර යවන්න ඕනේ. පුලුවන්නං, වැටුප්, වරප්‍රසාද සේරම වර්ජනය කරන්නකෝ. ඒවා කරන්න නැතුව ජනතාව මුලා කරනවා.
ඔබතුමා කොහොමත් නාවත් කිසිම ප්‍රශ්නයක් නැහැ ...... මොකද? ඔබතුමා කවදාවත් බුද්ධිමය සංවාදයක් කරලා නැහැනේ.
බහුතර නැති ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බෑ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි. වැදගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ඉඩ දෙමු. බලයට කෑදර වීමෙන් වන්නේ ජනතාව කරදරයට පත්වීමයි .....
මේ අය බලය තිබුණූ කාලෙත් අපි ගැන නෙවේ ඒ අය ගැන තමා හිතුවේ......
පාර්ලිමේන්තුවට එන්න එපා විරුද්ධ පක්ෂේ 123 ක් ඉන්නවා. අාවොත් කපෝතියි...
ඔබතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අඳුරන්නේ නෑ. ගල්කටස් නියාය තමයි ඕක අඳුරන්නේ. මිනිහෙක් කරලා ගත්තේ මහින්ද මහතායි.
පාර්ලිමේන්තු බත් එක නැතුව මෙයා දැන් ටිකක් කෙට්ටු වෙලා අනේ...
ප්‍රංශය වැනි රටවල් එහෙම තමයි වැරදි කළොත් ජනාධිපතිත් උසාවි යනවා දඬුවම් විඳිනවා. ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම එහෙම විය යුතුමයි. එතකොටවත් අපේ රට හැදේවි... හැකි ඉක්මණින් නීති හදන්න. 20... වෙනි සංශෝධනයට ඇතුලත් කරන්න. අතීතෙට, වර්තමානෙට, අනාගතයට, බලපාන විදියට කියලා.. මම යෝජනා කරකවා..!!!
රාජපක්ෂ පොදු දේපලක් විදිහටනේ ලංකාව තිබ්බේ.. ලංකාව රජපක්ෂ පවුලේ දේපලක් කියලා තමයි රාජපක්ෂ පුතාලා ටික, මාමලා ටික හිතන් හිටියේ... දැන් ඇත්ත කතා කලොත් මේ ගොල්ලන්ට බහුතරය නැති නිසානේ ඔහොම නටන්නේ.. මහජනතාව එ්ක දන්නවා.. කොන්දක් තියන දේශපාලකයෝ විදිහට රටට ආදරයක් කැක්කුමක් කිසි කෙනෙක් නැහැ ඔතන.. දැන් මේ රට වැටිලා තියන තත්වේ ගැන කිසි ගානක් නැතුව අපේ ඡන්දෙන් අපි පත්කරපු මේ ගොල්ලෝ මොනවද දැන් මේ කරන්නේ? ලෝකයක් බලන් ඉන්නවා.. මේ වෙන දේවල් දිහා.. කිසිම කෙනෙක්ට කිසි ගාණක් නැහැනේ.. මහජනතාවනි !!! කරුණාකරලා ඔබේ ඡන්දෙ පාවිච්චි කරද්දී සියදහස් ගුණයක් හිතලා මීට පස්සේ ඔබේ ඡන්දෙ පාවිච්චි කරන්න.. අඩුම තරමේ ඡන්දෙ දෙන්න කලින් ඡන්දය සාමාන්‍ය පෙළවත් සමත් කෙනෙක්ද කියලා හොයලා බලන්න..
ඔහොම යං... හැබැයි නඩු තීන්දුව එනකම්. හැබැයි එකේ තීන්දුව වන්ෂොට් කියන විදිහට එයාලා දිනුම් නම් කරුණාකරලා අාණ්ඩුව අත් හරින්න මිනිස්සුන්ට රට ගැන හැඟීමක් නැතිනම් ඔබටත්, මටත් එය වැඩක්ද නැත. දවසක රට දෙකඩ කිරීමට හැදුවොත් එදාට අායුධ ගෙන සටනට බහින්න අපි සුදානම් මිත්‍රයා... තවදුරටත් මහින්ද මහත්මයාට අපහාස කරන්න ඉඩදෙන්න එපා. නඩුතීන්දුව එන තෙක් බාලා සිටිමු ප්‍රවේශමෙන්...
සමහරු දේශපාලනයට ආවේ වර්ජන තර්ජන උපවාස කරන්න සහ තමන්ගේ හතරවරිගය පොහොසත් කරන්න විතරක් බව පේනවා. මේවා ගෝත්‍රික රටවල් වලවත් සිදු වෙන්නේ නැති අවිචාරවත් වැඩ !
තමන් විදේශ ගමන් බලපත්‍ර පිලිබඳ රටේ පොදු නීතිය වත් නොදැන ව්‍යවස්ථා නීතිය ගැන කතා කරන්නේ කොහොමද? ඔක්කොටම කලින් රටේ සිවිල් නීතිය හදාරන්න. ඊට පසුව රටවැසියන් අමතන්න.
8 පාස් අයත් ඉන්නේ.....
කළ පව් ගෙවීමේ අවසන් හෝරාව සහ අවසන් නැටුමට පෙළගැසීම.
ඔය කට්ටිය සදාකාලිකව ගෙදර ඉන්නවා නම් ලොකු දෙයක්... ඉදිරි මැතිවරණයකදී ජනතාව සදාකාලිකව ගෙදර ඉන්න සලස්සයි.
වර්ජනය කරන්නේ නැතිව රෙද්දක් ඇඳගෙන කොහොමද ඉන්නේ? ඇවිල්ලා කියලා කෑගහන එක විතරයි කරන්න පුළුවන්..
නියම සෙට් එක, මෙයාලටද දැන් රට බාරදුන්නේ! කවදටද පාර්ලිමේන්තුවට එන්නේ?
නියම සෙට් එක, මෙයාලටද දැන් රට බාරදුන්නේ..!? කවදටද පාර්ලිමේන්තුවට එන්නේ? අද නොවේ හෙටද?
මෙවැනි අඳ බොලඳයන් මේ දේශය හසුරුවන තැනට වැටුණනේ රටට ගිය කලක්... රටට හොඳ උගත් නායකයින් බිහිවෙන පාටක් නෑ.. දේශපාලනයට මහාචාර්යවරුත් ඇවිත් විශ්වවිද්‍යාල වල මහාචාර්යවරුන්ගේ තැනත් අද නැතිකරලා...
වර්ජනය කරනවා නම් ගෙදරට වෙලා බුදියගන්න තිබුණානේ. ඔය එන්නේ අපේ සල්ලි වලින් නිකන් දෙන කෑම රොත්ත කාලා දුවන්නයි..
අනේ මෙහෙමත් රටක්... ආණ්ඩුව නැති පාර්ලිමේන්තුවක්? බලය නැති බව එතනම ඔප්පු වෙනවා නේ.
"ව්‍යවස්ථා විරෝධී" කියලා වංශලා කියන්න..., ව්‍යවස්ථාවේ තියෙන වගන්ති කියවලා තේරුම් ගන්න තරම් අධ්‍යාපනයක්, බුද්ධියක් මෙයාට තියෙනවද මන්දා...
කරුණාකර නීතිය ගැන විතරක් කතා කරන්න එපා ....
මෙයා නෝනවත් වර්ජනය කරලා අහිංසක තරුණ කොල්ලෙක් දිවි පිදුවා. ලැජ්ජාව කියලා කිසිම වගක් නැහැ.. . ඔය ඇඳුම් ඇඳගෙන ඉන්නේ ඇට මැස්සන්ගෙන් බේරෙන්නද?
කවුරු කවුරුත් මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳාගන්න ඉක්මන් වෙන එකයි හොඳ... කවුරු මොනවා කිව්වත් අන්තිමට වන්දි ගෙවන්නේ රට වැසියන්. පහුගිය කාලෙත් කොයි කවුරු හොරකම් කළත් 225 වරප්‍රසාද කැපුනේ නැහැ. ඒ ගොල්ලො පඩිදීමනා වැඩිකරගත්තා. කාර පර්මිට් අරන් හොරට විකුණාගත්තා. මඩි තර කරගත්තා මිසක්.... බදුම ගැහුව අපිට.... ජනතාව කාටවත් ඡන්දෙ දුන්නේ නැහැ... මේ රට ඉතියෝපියාවක් කරන්න.
විමල් මහත්තයෝ, ආණ්ඩුවක් ඕනෑම නම් සියඹලා ආණ්ඩුවට වත් යන්න!
මේ අය පාලනය කරන රටක ඉඳීම මහා අකුසල කර්මයක් ඵල දෙනවා කියල හිතෙනවා.
අහෝ අපේ රටට ගිය කලක්... මෙවැනි අදම දේශපාලකයන් අතුගා දැමිය යුතුයි.
නූගත් බොරු ෂෝ කාරයෝ පාර්ලිමේන්තුවට යැවීම අපරාධයක් බව දැන්වත් ජනතාවට වැටහේවා !!!
ඔය පින්තූරේ ඉන්න සෙට් එක දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි... ඔය කට්ටියගේ නායකයා ඇතුළුව...
ආණ්ඩු පක්ෂය කියලා කිවේ ??? මට හරියටම තේරුනේ නැහැ. ආ මේ අර මාධ්‍යට පෙනෙන්න රඟපාන පාර්ලිමේන්තු යන්න බැරි ලෝකේ එකම ආණ්ඩුව