
(අජන්ත කුමාර අගලකඩ)
අරලියගහ මන්දිරයේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් අතර උණුසුම් මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.
රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය පමණක් නොවන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කැටගොඩ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂරැස්වීමේ දී විරෝධය පළ කිරීමත් සමග මෙම මත ගැටුම හටගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කැටගොඩ මන්ත්‍රීවරයාට අමතරව රෝහිත අබේගුණවර්ධන ,එස් .ඒ .ඩ් ජගත් කුමාර ,තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි දැනගන්නට තිබේ.
එහිදී අදහස් දක්වා ඇති ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ,තමන් ප්‍රකාශ කළේ කොවිඩ් අර්බුදයට අමතරව ,ශ්‍රී ලංකාව දිගින් දිගටම ලබා ගත් ණය ගෙවන්නට තිබීම ද ආර්ථික අර්බුදයට හේතුවක් වී ඇතැයි ප්‍රකාශ කළ බවය.
වෙනත් අදහසක් එමගින් ඉස්මතු කිරීමට තමා උත්සාහ නොකළ බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වා දී ඇත්තේ ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයෙන් ආණ්ඩුව අපහසුතාවට පත්වන බවය.
ජනතාව හමුවට ගොස් මෙවැනි ප්‍රකාශ කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ආණ්ඩුව යම් පියවරක් ගත යුතු බවද ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
ආණ්ඩු පක්ෂ රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ,ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැති ඇමැතිවරු ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල කියපු දේ සහතික ඇත්ත. අනිකුත් මෝඩයින්ට මේක තේරෙන්නේ නෑ. එහෙම නැත්නම් මහජනයාට කොලේ වහන්න හදනවා. ආර්ථික අර්බුධයට හේතුව කොරෝන පමණක් නොවේ. පවතී සියලු ආණ්ඩු වල කරපු සෝබන ව්‍යාපෘති වලට ගත් ණය මේ අර්බුධයට හේතුවයි. මත්තල ගුවන් තොටුපල, නෙලුම් කුලුන වගේ අසාර්ථක ව්‍යාපෘති නිසා ණය ගෙවන්න එම ව්‍යාපෘති වලින් මුදල් උත්පාදනය කලේ නෑ. ලක්ෂ 8ක් ව පවතී රාජ්‍ය සේවකයින් ලක්ෂ 15 දක්වා රාජපක්ෂ ආණ්ඩුව වැඩි කළා. පඩිත් වැඩි කළා. ආණ්ඩුවේ වියදම් ඉහල ගියා. සල්ලි ආච්චි ගැහුවා. උද්ධමනය වැඩි උනා. දැන් ජනතාවට කොලේ වහන්න බෑ. රෝහිත ල කටගොව ලගේ අවසන් කාලයයි මේ යන්නේ. මේ වගේ මෝඩ කතා කියනකොට කවුද චන්දෙ දෙන්නේ?.
මේ දවස්වල ඇත්ත කිව්වොත් කපෝති.
පුළුවන් තරම් කට්ටිය එකතු වෙලා ජනතාවට කොලේ වහල රට කෑවනම් හරි
ගම්මන්පිල එසේ කිවුවා නම් හොඳයි . ණය ගැනීම නිසා ලංකාව විශාල අර්බුදය ක ඉන්න බව ඇත්ත . ඔය විරෝධය පල කරපු අය පාර්ලිමේන්තුව ට සුදුසු නැති බව එයාල අවබෝධ කරගන්න .
මුදල් ඇමැතිගෙ මැරයෝ ටික ගම්මන්පිල මහත්තයට සත්තමක් දාලා වගෙයි
මේවට සිංහලෙන් කියන්නේ " ශෝ " කියල . තිර රචනාව කලින් ලියල තියෙන්නෙ .
ඔන්න පේනව නේද පොහොට්ටුවේ ඉන්න උගතුන්ගෙ තරම .ප්‍රකාශයක් හරිහැටි තේරුම් ගන්න බැරි මැටි මෝල්ලු. ඇත්ත තත්වය අතිසැටියෙන් මහජනතාවට පැහැදිලි කලාම ඒක වැරදි. එතකොට පොහොට්ටු කාරයො තැන් තැන්වල පිස්සුකෙලිනකොට ආන්ඩුව අපහසුතාවෙට පත්වෙන්නෙ නැහැ. ඔය ගොඩාක් උඩපනින පොහොට්ටු කාරයො ගොඩාක් ඊලගපාර ගෙදර.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයට හේතුව ‘කොවිඩ්’ වසංගතය නොවන බව ඉන්දියාවේත් අනෙක් ආසියානු රටවලත් ආර්ථික තත්ත්වය සහ ආර්ථික ප්‍රගතිය දෙස බැලීමේදී පෙනී යයි. ශ්‍රී ලංකාව වර්තමානයේ පත්ව ඇති අතිශය දුෂ්කර තත්ත්වයට හේතුව ‘කොවිඩ්-19’ වසංගතය නොවන බව හොඳින්ම පෙනී යයි. වසංගතය නිසා සත්‍ය වශයෙන්ම සිදු වූයේ මෙරට ආර්ථික කළමනාකරණයේ මුල් බැසගෙන තිබෙන මූලධාර්මික ප්‍රශ්න නිරාවරණය වීමයි.
තවත් අවුරුදු 3ක් කොහොම හරි ඇදගෙන යමු...
වවුලාගේ ගෙදර ලැගුම් අරගෙන වවුලාට ඉන්න හැටි කියාදෙන්න හදන මේ වගේ බට්ටිච්චන් වඳ නොවීම තමයි අරුමය..!