
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
මිනීමැරුම් ඇතුළු අපරාධරැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන‘‘ඉලිබේ නීලක" නැමැත්තා අඟුරුවාතොට වල්පිට බිඩිකොල හංදිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ දී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගිය බව අඟුරුවාතොට පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් 24 යන එක් දරු පියෙකි.
මියගිය නීලක නැමැත්තා රිමාන්ඩ් බාරයේ සිටියදී ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ වැයි කියමින් මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත් පා තියුණු ආයුධවලින් කපා හිසට ද බරපතළ තුවාල සිදු කළ බව කියන් සිද්ධියන් පසුගිය දින වාර්තා විය.
ඊට අමතරව ඔහුගේ අනියම් බිරිඳ සමග සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන ත්‍රීරෝද රථ රියදුරකු ද බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මෙම සැකකරු පොලිසිය අවශ්‍ය සිටි පුද්ගලයකු බව ද පොලිසිය කියයි.
මියගිය නීලක නැමැත්තාගේ හත් හැවිරිදි එකම දරුවා නීලක ගේ මවට බාර දී තිබූ බව පොලිසිය කියයි. පසුව ඇය එම දරුවා ඇගේ ඥාති සහෝදරියකගේ නිවසේ නතර කර ඇති අතර එම දරුවා හෙට දින පරිවාර බාරයට යොමු කිරීමට නියමිතව තිබී ඇත. එසේ තිබියදී මියගිය සැකකරු, දරුවා රඳවා සිටියදී නැන්දාගේ නිවෙසට ටී - 56 ගිනි අවියක් රැගෙන අද පෙරවරුවේ ගොස් අහසට වෙඩි තබා නිවැසියන් බිය ගන්වා නිවස තුළ සිටි එම දරුවා පැහැරගෙන ත්‍රීරෝද රථයෙන් පලාගොස් තිබූ බව පොලිසිය කියයි
එම සිද්ධියත් සමග සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලිස් කොට්ඨාසයට අයත් පොලිසි කීපයකින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අවට ප්‍රදේශ සිසාරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී පලාගිය එම සැකකරු අඟුරුවාතොට පොලිස් වසමේ වල්පිට බීඩි කොළ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී උඩුමහලේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස වැටලූ බව ඇතැයි පොලිසිය කියයි
එහිදී සැකකාර නීලක නැමැත්තා පොලිස් නිලධාරීන්ට වෙඩි පිට වෙඩි එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් ද ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු මියගොස් තිබූ බව පොලිසිය කියයි. ඔහු පැහැරගත් බව කියන දරුවා මේ වන විට හොරණ පොලිසිය බාරයේ සිටින බව ද පොලිසිය කියයි.
පොලිසිය එම ස්ථානයේ වට කිරීමත් සමඟම නිවසේ සිටි පුද්ගලයා එම නිවසින් පිටතට පැන තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ රැසකට සම්බන්ධ නම් මැරෙන්න වෙඩි තියන්නේ නැතිව අඩපණ කරලා අල්ලගන්න එකන්ද කරන්න තිබුණේ..? පොලිසිය කියන්නේ යුද හමුදාවක් නෙවෙයි.. සාම හමුදාවක්... එයාලට සැකකරුවන්ට වෙඩි තබා මරන්න අයිතියක් නැහැ. මතක තියාගන්න ජිනීවාවල කට්ටිය මේවත් ගණන් තියාගන්නවා කියලා...
රටේ අපරාධ කරමින්, ජනතා භීතිය ඇතිකරමින් සැරිසරන අපරාධකරුවන් හුරතල් කිරීමට පොලීසියට බැහැ. පොලීසියට පඩි ගෙවා ආයුධ දී සේවයට බඳවාගෙන තිබෙන්නේ, පොදු මහජන සේවය හා ආරක්ෂාව ඇතිකිරීම සඳහායි. මෙහිදී පොලීසිය සිදුකොට ඇත්තේ තමන්ගේ රාජකාරිය. එයට කාටවත් දොස් කියන්නට බැහැ.
පොලිසියෙන් වෙඩි තිබ්බොත් අනිවාර්යයෙන්ම පාතාල තමයි.. අපි දන්නවා ඔයාලගේ තියරි එක..
මෙවැනි අයගේ පින්තූර දැමීමත් නොවටිනා දෙයකි.
අවි ගත්තෝ අවියෙන්ම නසිති. රටේ නීතියක් නැති ලෙසටයි ඔහු හැසුරුණේ. පොලිසියට ප්‍රණාමය...!
අවි ගත්තෝ අවියෙන් නසිති. තමාගේ ආදරණීය බිරිඳගේ දෑත්, දෙපා කපා දැමූ මේ පාපතරයා දරුවෝත් අනාථකර මියයාමෙන් පසුව කල්ප ගණනක් සසරත් දිගුකර ගන්නවා ඇත..
මෙම දරුවාත් ඉතා පරිස්සමෙන් හැදිය යුතුයි. නැත්නම් අනාගතයේ තවත් මෙවන් සමාජ විරෝධී වැරදි කාරයෙකු විය හැකියි...
තිරිසන් සතෙක් වුණත් තමන්ගේ පැටවුන්ට ආදරෙයි. මේ මනුස්සයාගේ මෝඩකමට දරුවා ගත්තු විදිහ වැරැදියි.
මේ වතාවේ පොලිසියේ නිලධාරියෙකුට සුළු තුවාලයක් වුණේ නැත්තේ මොකද?
ආ.. මේ පාර ආයුධ පෙන්නලා නැහැ. මේ මනුස්සයා මෙච්චර අපරාධ කරනකොට පොලිසියට අල්ලගන්න බැහැ. ශෙහාන් මාලක ප්‍රසිද්ධ රැස්වීමක කතා කරපුවාම සී.අයි.ඩී. මහත්වරු සුදුවෑන් වලින් පස්සෙන් එළවලා වට කරලා අල්ලගෙන කුදලාගෙන එන්න මොලේ තියෙනවා.
අවුරුදු 24 වනවිට අවුරුදු හතක දරුවෙක් ඉන්නවා කියන්නේ කොහොම කෙනෙක්ද? හිතාගන්නත් අමාරුයි...
මෙහි සඳහන් වෙනවා... මොහු රිමාන්ඩ් භාරයේ සිටින කාලයේදී ඔහුගේ බිරිඳත්, අනියම් බිරිඳත් දෙන්නාම අනියම් සම්බන්ධතා ඇතිකරගත් බව. මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මිනිහෙක් හිරේ ගියා කියලා කාන්තාවකගේ ආසාවන් නැතිව යන්නේ නැහැ. හොඳ හැදියාවක් සහ හොඳ මානසික මට්ටමක් තිබෙන කාන්තාවන් පමණක් හැඟීම් පාලනය කරගෙන ඉන්නවා...
‘‘උඹත් නටාපිය... මාත් නටන්නම් බිණ්කුණ්ඩෝ බොල බිණ්කුණ්ඩෝ...“ සිංදුව මතක් වුණා..