
(අංජුල මහික වීරරත්න)
හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට එක්සත් රාජධානියේ කැන්ටබරි ක්රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය ගෝලීය අධ්‍යාපනය අධ්‍යාත්මික නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින් Lifetime Achievement Honour Award (ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන උපහාර සම්මානය)පිරිනමා තිබේ.
මෙම සම්මාන ප්රදානෝත්සවය කැන්ටබරි ක්රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාල සනාතන පරිශ්‍රයේදී පැවැත්විණි.
දශක ගණනාවක් පුරා අස්සජි නාහිමියන් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව ද ආගමික නායකත්වය, දේශීය,ජාතයන්තර අධ්‍යාපනය ,අන්තර් ආගමික සහජීවනය, සංහිදියාව, ප්‍රජා අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ සේවාව මෙහිදී ඇගයීමට ලක් විය.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔහු ශ්‍රී ලාංකේය ආගමික සම්ප්රදායන්හි ගෝලීය බලපෑම පිළිබඳව දේශනයක් පැවැත්වීය.
විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රාමා තිරුනමචන්ද්රන් සහ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය මොහොමඩ් අබ්දෙල්-මගුයිඩ් මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd